නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වු දිනූෂා ගුණසේකර සමගින් අද තරු කතා බහ ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වුණේමු. තවමත් වසරක කාලය සිට නිරූපණ කටයුතුවලට යොමුව සිටින දිනූෂා, ඉදිරියේදී රංගනයටද පිවිසීමේ සූදානමකින් පසුවන්නීය. මේ ඇය අපිට සිය ඉදිරි නිරූපණ කටයුතු පිළිබඳව දැක්වූ අදහස්ය.

දිනූෂා නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

ගිය අවුරුද්දෙ තමයි නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඒ නිලු සේනානායක හා අර්ජුන් සේනානායක දෙදෙනා කරන මොඩ්ලින් ඇකඩමිය හරහා.

නිරූපිකාවක් වෙන්න හිතුණේ ඇයි?

දැනුම් තේරුම් ඇති කාලේ ඉඳලා මම නිරූපණයට ගොඩක් කැමතියි. ඒ ආසාව හින්දම තමයි මම නිරූපණය පැත්තට යොමු වුණේ.

පාසල් යන කාලේ කලාව පැත්තට නැඹුරු වෙලා හිටියද?

ඔව්. පාසලේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට කටයුතු කළා. තවමත් නර්තනය පැත්තට යොමු වෙලා ඒ හරහා ඉදිරියට යන්න ආසාවක් තියෙනවා මට.

නිරූපිකාවක් වුණේ නැත්නම්?

බොහෝ විට මම නිවේදිකාවක් වේවි. මොකද නිරූපිකාවක් වෙනවට වඩා මට ආසාව තිබුණේ නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක්වන එක.

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම හොඳයි. හරියට මේ ක්ෂේත්‍රය රැඳිලා වැඩ කළොත් දුර ගමනක් යන්න පුළුවන් කියලා මම දකිනවා.

නමුත්, වර්තමානයේ නිරූපිකාවක් ගැන බොහෝ පිරිසක් විවිධ මත දරනවා?

ඇත්තටම, මිනිස්සු නිරූපණය කරනවා කිව්වාහම හිතන්නේ ගොඩක් වැරදි ආකල්පයක්. ඒත්, හැමෝම එහෙම නැහැ. පිරිසක් ඉන්නවා කියලා හැම දෙනාම ඒ කෝණයෙන් මණින එක වැරදියි.

මොනවද නිරූපණ ක්ෂේත්‍රය තුළ ඔබගේ ඉලක්ක?

නිරූපණ ක්ෂේත්‍රය තුළින් දිගු ගමනක් යන්න මම අපේක්ෂා කරන්නේ නැහැ. මගේ ආසාව තියෙන්නේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරන්න.

රඟපාන්න කැමති නැද්ද?

ආසාවක් නම් තියෙනවා. ආරාධනාත් කිහිපයක් මට ලැබුණා. මම හිතන්නෙ තාමත් මට ඒ ක්ෂේත්‍රයට යොමු වෙන්න තියෙන අත්දැකීම් මදි කියලා. රංගනයට වගේම ඉදිරියේදී මියුසික් වීඩියෝ හා වෙළෙඳ දැන්වීම් සඳහාත් පෙනී ඉන්න මගේ කැමැත්තක් තියෙනවා.

දැනට මොනවද ඔබ දායක වෙලා තියෙන වැඩ?

ගොඩක්ම කළේ පොටෝ ෂුට්වලට පෙනී හිටිය එක විතරයි. ඒ වගේම විලාසිතා දැක්මවල් සඳහාත් මා දායක වෙලා තියෙනවා.

උදවු කළ පිරිසකුත් ඇති?

ඔව් ඉන්නවා. යොහාන් සූරියාරච්චි, හිරන්ත ෂාමල් අයියා, මා නිරූපණයට යොමු වුණේ ඇකඩමියේ හිටිය නිලු සේනානායක හා අර්ජුන් සේනානායක දෙදෙනා. නිරෝෂා අක්කා හා මගේ පවුලේ සැම දෙනා.

2016-11-02-ent-10 2016-11-02-ent-09 2016-11-02-ent-11 2016-11-02-ent-12 2016-11-02-ent-13 2016-11-02-ent-15 2016-11-02-ent-14

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here