පසුගියදා මුහුදට කඩා වැටී අනතුරට ලක්වූ බෝයිං 737 ගුවන් යානය අනතුරට ලක්වීමට පෙර ගත්තා යැයි පැවසෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

එහි සිටි මගීන් දෙවියන් වෙත යාඥා කරමින් සිටින අයුරු එම වීඩියෝවෙහි දක්නට ලැබෙන අතර අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානවේ කාර්ය මණ්ඩළය ඇතුළු මගීන් 189 දෙනෙකු ගමන් කරමින් සිටියා.

ජකර්තා නුවරින් ගුවන් ගමන් ආරම්භ කළ යානය ගුවන් ගත කර මිනිත්තු කිහිපයකට පසුව ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානය සමඟ තිබූ රේඩාර් සම්බන්ධතා බිඳවැටී තිබූ අතර විනාඩි 13කට පසුව ගුවන් යානය ජාවා මුහුදට කඩා වැටී තිබේ.

අනතුරින් එහි ගමන් ගත් මගීන් සියලු දෙනා මියගොස් ඇති බවට විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here