පක්ෂය එක්සත් කිරීම සදහා සාකච්ජා පැවැත්වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යටත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිඛෙනවා.

ඒ සිවිල් සංවිධාන නියෝජිතයින් හා පැවැති සාකච්ජාවේදීයි.ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ කිසි විටකවත් යහපාලනය වෙනුවෙන් දුන් පොරොන්දු වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයත් සමග පෙනී සිටින බවයි.

මේ අතර රැස්වීම් සාකච්ඡා පවත්වමින් ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමෙන් වළකින ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට අවවාද කර තිබේ.

ඉදිරියේදී සම්මුතිවාදී රජයේ එකඟතාවන්ට බලපෑමක් වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙසද අග්‍රාමාත්‍යවරයා එහිදී සිය මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී ඊයේ සවස පැවැති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙම දැනුම් දීම කර තිබේ.

තමන් ඉන්දියාවේ සංචාරය කරන අතරතුරදී එ.ජා.ප මන්ත්‍රීවරුන් විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයක් පිළිබඳවද තමාගේ අවධානය යොමුවී ඇති බව පවසා ඇති අගමැතිවරයා තම අනුමැතියකින් තොරව මෙවැනි දේ නොකරන ලෙසද මන්ත්‍රීවරුනට දැනුම් දී ඇත.

ඉන්දියානු නිල සංචාරය නිමකරවා මෙරටට පැමිණීමෙන් පසු තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරුන්ට අගමැතිවරයා කරුණු පැහැදිලි කර තිබේ. එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ පක්ෂයක් ලෙස ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමට කළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපති හා පක්ෂ සභාපති ලෙස තමන්ට හැකියාවක් නොමැති බව ෙමෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දුන් බවයි.

එය වැළැක්වීමට ගියහොත් පක්ෂය කඩා දැමූ නායකයා ලෙස තමා දෝෂදර්ශනයට ලක්වනු ඇතැයිද ජනාධිපතිවරයා එහිදී කී බවද අග්‍රමාත්‍යවරයා මන්ත්‍රීවරුනට දැනුම් දී තිබේ.

ඒකාබද්ධය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවීම හෝ වෙන්වීම් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය සඳහා බලපෑමක් කරගත යුතු නැති බව අවධාරණය කර ඇති අග්‍රාමාත්‍යවරයා මෙම මැතිවරණවලින් ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here