මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වගේම පාතාලයේ නමගිය අපරාධකරුවෙකු වන මාකදුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමටත් සමග කාගේත් දැඩි අවධානයක් එ් වෙත යොමුවිය. ඒ අතර මෙරට ජනප්‍රිය කලාකරුවන්ද සිටීම හේතුවෙන් විවිධ පුද්ගලයින්ගේ නම් ඊට සම්බන්ධ බවට කටකතා පැතිර යනු දක්නට ලැබිණි. විශේෂයෙන් මධූෂ් නැමැති අපරාධකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සමග සිටි ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නව පරපුරේ ගායකයෙකු වන නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෑන් රෝයන් ඇතුළු පිරිසක්ද අත්අඩංගුවට ගෙන තිබිණි. මේ හේතුවෙන් එම කලාකරුවන් පිරිස ආශ්‍රය කළ මෙරට ප්‍රධාන පෙලේ සියලු දෙනා සම්බන්ධ කරමින් පිළිබඳ විවිධ අසත්‍ය පුවත්ද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ ලැව් ගින්නක් මෙනි. ඇතැම් අවස්ථාවන්හිදී මෙම ප්‍රසිද්ධ කලාකරුවන් සමග නිරන්තරයෙන් වැඩ කටයුතු කරන ඔවුන්ව හමුවන විවිධ කේෂ්ත්‍රවල පුද්ගලයින් දෙසද විවිධ කටකතා පැතිර ගොස් තිබිණි. ඔවුන් මේ කිසිවක් දෙන හරිහැටි නොදන්නවා විය හැකිය. ඔවුන් ආශ්‍රය කළේ එම කලාකරුවන් වූ සුවිශේෂ චරිත සමග විය හැකිය. මේ සමග සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දෙනාගේ අවධානය යොමු කරමින් විවිධ ඡායාරූප පල කරමින් විවිධ අසත්‍ය තොරතුරු නිර්මාණය කරමින් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබේ. මේ අතර ඊට වැඩිපුරම මුහුණ පෑමට ලක්ව ඇති චරිතව වන්නේ සන්හිල් ව්‍යාපාර සමූහ ව්‍යාපාරයේ සභාපති, දේශමාන්‍ය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතායි.

ඔහු මෙරට සිටින ප්‍රධාන පෙලේ කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඊටත් වඩා ඔහු අනෙක් ව්‍යාපාරිකයින් ලෙස නොව ප්‍රසිද්ධියේම මෙරට සිටින ප්‍රධාන පෙලේ චරිත ආශ්‍රය කරමින් ඔවුන්ට උදව් කරමින් ඔවුන් ඉතා සමීපව ආශ්‍රය කිරීමට ඔහු කටයුතු කර තිබුණේ ඔහුට තිබූ දැඩි කැමැත්ත නිසාවෙනි.

විශේෂයෙන් ඔහු මෙරට සිටින සියලුම පක්ෂවල දේශපාලනඥයින්, ජනප්‍රිය නළු නිලියන්, ගායක ගායිකාවන්, කලාකරුවන්, මාධ්‍ය කේෂ්ත්‍රයේ ප්‍රධාන පෙලේ නිර්මාණකරුවන්, මාධ්‍ය හිමිකරුවන්, ව්‍යාපාරිකයින්, සමාජයේ ප්‍රසිද්ධ චරිත සියල්ලම වාගේ කිසිදු පක්ෂ, ජාති, ආගම් භේදයකින් තොරව සමීපව ඇසුරු තිබිණි. ඒ අතර මධූෂ් සමග අත්අඩංගුවට ගත් අමල් පෙරේරා, රයන් වැනි කලාකරුවන්ද සමීප ඇසුරු කර තිබිණි. මේ නිසා ඔහුටද විවිධ කටකතා නිර්මාණය වන්නට විය. ඊට ප්‍රධාන හේතුව වූයේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැති මෙම කෝටිපති ව්‍යාපාරිකයා ප්‍රසිද්ධියේම තමන් ඇසුරු කරන ප්‍රසිද්ධ චරිත සමග ඡායාරූප ගෙන සිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුල පළ කර තිබීමයි. ඒ ඔහුගේ කැමැත්ත විය හැකිය. ඒ කෙසේ නමුත් අප සොයා බැලිය යුත්තේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා යනු කවුරුන්ද යන්නයි.

කවුද මේ සුරේන්ද්‍ර වසන්ත?

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සන්හිල් ව්‍යාපාර සමූහය ආරම්භ කර තිබුණේ ඔහුට වයස අවුරුදු 17 දීය. ඒ උසස් පෙළ හදාරමින් අධ්‍යාපන කටයුතු කරන සමයේය. මේ අතර ජපන් භාෂාව සහ හෝටල් කළමනාකරනය පිළිබඟ ඉගෙන ගැනීමට ලැබුනු ශිෂ්‍යත්වයක් මත ඔහු ජපානයට ගොස් ඉගෙනීම කටයුතු සිදු කර තිබේ. ඒ අතර විවිධ රැකියාවල් වල නිරත වෙමින් අධ්‍යාපන ලබන අතරතුරම මුදල් ඉපැයීමට ඔහු කටයුතු කළේය. එලෙස සොයාගත් මුදල් රැගෙන ලංකාවට පැමිණෙන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා අවුරුදු 20දී කාමර 20ක හෝටලයක් නුවරඑළියේ ආරම්භ කළේය. ඒ 1992 ජනවාරි 16 වැනිදා. එලෙස සිය ව්‍යාපාරික කටයුතුවලට පා තැබූ ඔහු සිය ව්‍යාපාර දිනෙන් දින පුළුල් කරමින් කෝටිපති ව්‍යාපාරිකයෙකු දක්වා ගමන් මග ආරම්භ කළේය.

1992 වසරේ නුවරඑළියේදී කාමර 20කින් යුත් සන්හිල් හෝටලය ආරම්භ කරමින් සිය ව්‍යාපාර සමූහයේ මූලාරම්භය සනිටුහන් කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ ව්‍යාපාරය මේ වන විට හෝටල් හයක්‌ දක්‌වා වැඩිදියුණු කර තිබේ. එම හෝටල් නුවරඑළිය, කටුනායක, කොල්ලුපිටිය, බොල්ගොඩ, ගල්කිස්‌ස සහ පාසිකුඩා ප්‍රදේශවල පිහිටා තිබේ. මීට අමතරව සන්හිල් ව්‍යාපාර සමූහය වාහන, දේපළ වෙළෙදාම් ඇතුළු ශ්‍රී ලංකාව පුරා විසිරුණු ව්‍යාපාර 19ක්‌ දක්‌වා ව්‍යාප්ත කර ඇත. එමෙන්ම සන්හිල් සමූහය ඩුබායි දක්‌වාද සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබෙන අතර සන්හිල් ව්‍යාපාර සමූහය මේ වසරේදී අභ්‍යන්තර ගුවන් සේවා ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමටද කටයුතු යොදා ඇත.

මේ වනවිට සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සිය වැඩිමහල් පුත‍්‍රයාත් හෝටල් කේෂ්තයට සම්බන්ධ කරගෙන වෙනත් රටවලටත් තම ව්‍යාපර ව්‍යාප්ත කරමින් සිටින බව වාර්තා වේ.

ඔහු ජනප්‍රිය චරිත සමීපව ඇසුරු කළද ඔහු සාමාන්‍ය මිනිසුන්ටද විවිධ ආකාරයෙන් උදව් කරමින් කටයුතු කර තිබේ. කොලොන්නාව ගංවතුර ඇතිවූ අවස්ථාවේදී ලක්ෂ 10ක් වැය කරමින් ආපදාවට ලක්වූ ජනතාවට වියලි ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වී කටයුතු කළේය. එපමණක් නොව ආගමික කටයුතුවලදීද විශාල මුදලක් යොදවමින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට වසන්ත පෙරේරා මහතා නිරන්තරයෙන් කටයුතු කරන චරිතයක් බව තතුදත්තෝ දනිති.

එජපායේ ඇමැතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප්‍රධාන පෙලේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ද ලගින් ඇසුරු කරමින් ඔවුන්ටද විවිධ අවස්ථාවන්හිදී සහය ලබා දීමට කටයුතු කර තිබේ. වසන්ත පෙරේරා මහතා සිය විනෝදාංශය ලෙස ජනප්‍රිය ගායක ගායිකාවන් සමග ගීත ගායනා කරමින් විනෝද වන අයෙකි. ඉන් නොනැවතී එම ඡායාරූප සමාජ මාධ්‍ය තුළ පවා ප්‍රසිද්ධයේ පළ කිරීමට දැඩි කැමැත්තක් දක්වයි. එනිසා විවිධ ප්‍රසිද්ධ චරිත ආශ්‍රය කරමින් ඔවුන් ලඟින්ම ඇසුරු කිරීමට ඔහු නිරන්නරයෙන් කටයුතු කරන බව පෙනී යයි. නමුත් පුද්ගලයෙකු විවිධ සමාජ තලයන්හි විවිධ මිනිසුන් ආශ්‍රය කළද එලෙස ආශ්‍රය කළ අයෙකු වැරදි ක්‍රියාවක් කළහොත් ඔහුද වැරදිකාරයෙකු නොවන බව වටහා ගත යුතුය. අමල් පෙරේරා, නදීමාල් පෙරේරා, රයන් යන ජනප්‍රිය චරිත ආශ්‍රය කළ පමණින් ඔවුන් වටා සිටි සියලු දෙනා ඔවුන් සමීපව ඇසුරු කළ සියලු දෙනා වරදකරුවන් වේවිද? ඔවුන් ද තවම වරදකරුවන් වී නොමැති ඔවුන් තවම සැකකරුවන් පමණි.

කෙසේ වෙතත් මෙලෙස සමාජ මාධ්‍ය තුළ මධූෂ්ගේ සිද්ධියත් සමග කටකතා අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට මූලිකවම හේතුව වී තිබුණේ එම සමාජ මාධ්‍ය තුළ එකිනෙකාගේ ර්‍ඒච් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණෙනි. ඒ හේතුවෙන් ඇතැම් අවස්ථාවන්වලදී නිවැරදි පුද්ගලයින්ද වැරදිකරුවන් කර චරිත ඝාතනය කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවක් කටයුතු කරනු දක්නට ලැබේ.

වසන්ත පෙරේරා නම් වූ මෙම ව්‍යාපාරිකයා ප්‍රබල දේශපාලනඥයින්, කලාකරුවන් ඇතුළු ප්‍රසිද්ධ චරිත සමග ගත් ඡායාරූප පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here