අපේ රටේ පාතාලයේ මත්කුඩු කාරයා අපරාධ කාරයා ඩුබායි වලදී අල්ල ගත්ත එකට උප්පැන්නේ දෙන්න බොහෝ පිරිසක් සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (8) පොළොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.

‘පාතාලේ කට්ටිය ඒ විදිහට ඇල්ලීම සඳහා දැල එලූවේ දැනට අවුරුදු ගණනකට පෙර යැයි ආණ්ඩුවේ එක්තරා ඇමතිවරයකු ප‍්‍රකාශ කළ බවත්’ පුවත්පතක පළවී තිබෙනු තමන් දුටු බවද ජනාධිපතිවරයා කීය.

ශ‍්‍රී ලංකාවේ විරුකියා ගැටලූවට ස්ථීරසාර විසඳුමක් පිරිනමමින් සියලූ රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශී කර දියුණු තාක්ෂණික ක‍්‍රමවේදයන් ඔස්සේ ව්‍යවසායකයන් බිහි කිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙර දැරිව බිහි කෙරෙන ශ‍්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේෂණ ආයතනයේ ප‍්‍රාදේශීය කාර්යාලය පොළොන්නරුව නවනගරයේ ඊයේ (8) විවෘත කිරීමෙන් පසුව පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

අනුන් කරපු දේවල් වලින් සතුටු වනවාට වැඩිය අපි අප විසින් කරන දෙයින් සතුටු වෙන්නට ඕනෑ. දැන් බලන්න මේ දවස්වල දැන් ඔය දවසක් දෙකක් තුනක් යනවා මාධ්‍යවල හෝ ගාලා අර ඩුබායිවල අපේ අපරාධකාරයෝ අල්ල ගත්ත එක පාතාලයේ මත්කුඩු කාරයෙක් දැන් ඒගොල්ලො අල්ල ගත්ත එකට උප්පැනනේ දෙන්න කොච්චර අය ඉන්නවාද ඒකට අයිති කාරයෝ දැන් කොච්චර ඉදිරිපත්වෙලා ඉන්නවාද මම දැක්ක අද පත්තරයක කියල තියෙනවා එක ඇමැතිවරයෙක් ආණ්ඩුවේ මේ එස්ටීඑෆ් එකට ගියපු කට්ටිය පාතාලයේ කට්ටිය ඔය විදිහට අල්ලන්න ඔය දැල එලූවෝ දැන් අවුරුදු ගානකට ඉස්සරලා කියල. තමන් වැඩක් කරල තමන් සතුටු වෙලා තමන් විසින් තමන් කළ දේ ගැන සතුටු වීම ඉතා අත්‍යවශ්‍ය දෙයක්’

ඡායාරූප :- ජනාධිපති මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here