මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ 8 වන අදියර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේදී පැවැත්විණි.

යාපනය මුට්‍රවේලි එළිමහන් ක්‍රීඩාංගණයේ පැවති උත්සවයේදී මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් කැපවූ දරුවන් වෙත නිල ලාංඡන පැළඳ වූ අතර පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත තිළිණ ප්‍රදානය කෙරිණි.

2015 වසරේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 2206කි.

වසරේ මුල සිට මේ දක්වා යාපනයේ සිදු කළ වැටලීම්වලින් කේරල ගංජා කිලෝග්‍රෑම් 194ක් සොයා ගෙන ඇති අතර සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here