උදයංග වීරතුංග යනු, කූප්‍රකට මිග් ගනුදෙනුවේ ගෝඨාභය ළඟට චෝදනාවට ලක්ව, ජාත්‍යන්තර පොලීසිය විසින් සොයමින් සිටින, රතු නිවේදනයක් පවා නිකුත් කර ඇති චූදිතයෙක්. නීතියෙන් කට්ටි පනිමින් සිටි උදයංග වීරතුංගව පෙරේදා ඩුබායහිදී අත් අඩංගුවට ගන්නා ලදි.

ඉන්පසුව වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලීසිය වෙත මේ බව දැනුම් දී ඇති අතර. මේ  පිළිබඳව විශේෂ කණ්ඩායමක් පත්කර උදයංග වීරතුංගව මෙරටට ගෙන්වා ගැනීමට වැඩකටයුතු කිරීමට නියමිතව තිබුණේ නීතිය හා සාමය ඇමති සාගල රත්නායකටයි.

නමුත්, පැවැත්වෙන ඡන්දයට පෙර උදයංග වීරතුංගව මෙරටට ගෙන්වුවේ නම්, ඔහු විසින් රාජපක්ෂ පාලනයේ දූෂණ වංචා හෙළි කිරීම සිදු වුවහොත්, මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්දව්‍යාපාරය අති දරැණු කඩා වැටීමකට ලක්වනු වැළැක්විය නොහැකිය.

රනිල් – මහින්ද රහසිගත අවබෝධතාවයට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමෙන් රනිල් උදව් කළ මහින්දට උපකාර කිරීමට,හැට දෙලක්ෂයක ජනමතයට පයින් ගසමින්, රනිල් වහාම ක්‍රියාත්මක වී ඇත.

ඒ නිසා, හොර පාස්පෝට් සිදුවීමට විමල් වීරවංශව නිදොස කොට නිදහස් කළ රනිල් වික්‍රමසිංහ මහතා විසින්, මේ කටයුතු ප්‍රමාද කරන ලෙස සාගලට අණ කොට ඇත.

ඒ අණ පරිදි ක්‍රියාත්මක වූ සාගල විසින් ඉතාමත් සැලසුම් සහගත අන්දමින්,උදයංගව මෙරටට ගෙන්වා ගැනීමට කළයුතු වැඩ කටයුතු ප්‍රමාද කොට ඇත.

ඩුබායි නීතියට අනුව, ඉනටර්පෝල් එකෙන්, ඕනෑම චූදිතයෙක් අත් අඩංගුවට ගෙන පැය 48ක් ඇතුළත, අදාළ රටේ පොලීසිය විසින්, කරැණු ඉදිරිපත් කර ඒ චූදිතයාව භාර නොගතහොත්, එම චූදිතයාව වහාම ක්‍රියාත්මක වන පරිදි නිදහස් කිරිම සිදු කරයි.

මහින්ද- රනිල් – සාගල කුමන්ත්‍රණය නිසා යළිත් වරක් අතටම හසුවී සිට පැන ගිය උදයංග වීරතුංග මේ වනවිට තම මූණු පොත හරහා වහසිබස් බවා දොඩමින් සිටියි.

කෙසේ වෙතත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි, සාගල රත්නායක නීතිය සහ සාමය ඇමතිට සහ පෙලිස්පතිට,ඒ පිළිබඳව වාර්තා ලබාදෙන ලෙස නියෝග කොට ඇත. ඒ වාර්තාවට අනුව සමහරවිට සාගලේ ඇමතිකම පවා ගැලවී යාමට ඉඩ ඇත..

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here