හෙට දිනයේ පැවැත්වීමට නියමිත පාලත් පාලන මැතිවරණයේ සියලු කටයුතු මේ වන විට සුදානම් කර තිබේ.මැතිවරණයේ උණුසුම වැඩි වෙනාවත් සමග මැතිවරණය පිළිබද විවිධ පුවත් වාර්තා වේ.

එහි අලුත්ම පුවත වනුයේ මැතිවරණය වෙනුවෙන් ඇල්ලු පළමු ඔට්ටුවේ පුවතය.කොලබ නගරයේ පිහිටි සුප්‍රසිද්ධ කැසිනෝ ශාලාවකදී ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් කෝටි 10ක දැවැන්ත ඔට්ටුවක් අල්ලා ඇත.

එහිදී ඔහු කියා ඇත්තේ මෙම මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ නියෝජනය කරන පිල හම්බන්තොට දිස්ත්‍රික්කය පරාජය වන බවය.එහිදී එම ඔට්ටුව ඇල්ලු පසු එයට හේතුද කියා ඇත.2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලබාගත් ජන්ද ප්‍රමාණය 196,000 ක පමණය.එක්සත් ජාතික පක්ෂය එහිදී ජන්ද 130,000 ක පමණ ලබා ගත්තේය.එම මැතිවරණයේදී මහින්ද අමරවීර මහතාගේ සහයද මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය.නමුත් මෙම මැතිවරණයේදී මහින්ද අමරවීර මහතා මහින්ද රාජපක්ෂ සමග නැත.මහින්ද අමරවීර මහතා අවම වශයෙන් ජන්ද 60,000 කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් උදුරා ගන්නවා නොඅනුමානය.තවද සජිත් ප්‍රේමදාස මහතා හැට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැඩි ප්‍රසාදයක් ඇත.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා ගිය වර කුරුනෑගල දිස්ත්‍රික්කයට යැමත සමග මහින්ද රාජපක්ෂගේ ජන්ද ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට සහ නිදහස් පක්ෂයට යෑම නොඅනුමානය.තවද මෙවර තිස්සමහාරාම සභාව ජනතා විමුක්ති පෙරමුණට ඉතා වාසි සහගත පවතින අතර බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව එක්සත් ජාතික පක්ෂයට වාසි දායක මට්ටමේ ඇත.

මෙම හේතුන් නිසා ව්‍යාපාරිකයා විසින් කෝටි 10 ක ඔට්ටුවක් අල්ලමින් මහින්ද රාජපක්ෂ හම්බන්තොටින් පරදින බව කියා ඇත.මෙවර හම්බන්තොට දිස්ත්‍රික්කය මහින්ද රාජපක්ෂ මහතා විසින් පරාජය වුවහොත් එය නාමල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන ගමනට දැඩි බලපෑමක් වනවා නොඅනුමානය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here