නැට්වෙස්ට් T20 බ්ලාස්ට් තරගාවලියේ යටතේ ටෝන්ටන්හිදී 19දා පැවැත්විණි.

කාසියේ වාසිය දිනූ සමර්සෙට් කණ්ඩායම ප්‍රතිවාදී හැම්ප්ෂයර් කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේදී ඔවුන් සියලුදෙනා දැවී ලකුණු 133 ක් රැස්කළේය.

සමර්සෙට් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගත නොහැකි වුවත් කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් හා ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන ඉනිම ස්ථාවර කළහ. ගේල් ලකුණු 52 ක් ලැබූ අතර මහේල නොදැවී ලකුනු 45 ක් ලැබුවේය.

මහේල ජයවර්ධනගේ ඉවසිලිවන්ත පිතිහරඹය හා ක්‍රිස්ගේල්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් සමර්සෙට් කණ්ඩායම හා හැම්ප්ෂයර් කණ්ඩායම අතර පැවැති විස්සයි 20 තරගයෙන් කඩුලු 06 ක ජයක් ලැබීමට සමර්සෙට් කණ්ඩායම සමත් විය.

කෙසේ වෙතත් තරගයේ වීරයා ලෙස සමර්සෙට් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් මැක්ස් වොලර් සම්මාන දිනාගත්තේය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here