2015 ජනාධිපතිවරණය යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම ඡන්ද වලින් එක් ඡන්දයකි. එයට හේතු කිහිපයක් ඇත, එකල බලයේ සිටියේ මහින්ද රාජපක්ෂයි. ඔහු 2005 සිට 2014 දක්වා ශ්‍රී ලංකා ප්‍රජත්‍රන්තිකවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති ලෙස කටයුතු කරන අතර මේ කාල පරාසයදී ලංකාවේ මාධ්‍ය කලාවට එල්ලවී තිබු පීඩනය එසේ මෙසේ එකක් නොවේ. එකල ආණ්ඩුව විවේචනය කල එක්නැළිගොඩ, ලසන්ත හා පෝද්දල ජයන්ත වැනි ප්‍රවීන් මාධ්‍ය වේදීන් ඝහතනයට ලක් වන්නේ මේ කාල පරාසය තුලයි.

කෙසේ නමුන් 2015 ජනාධිපතිවරණයදී මහින්ද රාජපක්ෂ නම් චරිතය සමග තරඟ කරන ප්‍රතිවාදියා කවරෙක්ද යන්න කාටත් ලොකු කුතුහලයක් විය. එයට හේතුව “මහින්ද” නම් චරිතය සමග ගැටෙන්න කව්රුත් බියට පත්වී තිබුණු නිසාවෙනි.

ප්‍රධාන පක්ෂ බොහොමයක නායකයන් පසු බසිද්දී, එකල සෞඛ්‍ය ඇමති ලෙස කටයුතු කල මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා (වත්මන් ජනාධිපති) නිදහස් සන්ධාන පක්ෂයෙන් ඉවත් වී මහින්ද රාජපක්ෂ සමග ගැටෙන්න පැමිණෙන්නේ 2014 නොවැම්බර් 21 වන දිනයි.

මෙය ඓතිහාසික දිනයක් බවට පරිවර්ථනය වන්නේ එතුමා නොවැම්බර් 21 දින ගත ඒ එඩිතර තීරණය මල්පල ගන්වමින් ජනවාරි 8 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ශ නම් චරිතය පරදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ලෙස වැඩි චන්ද ලක්ෂ 4 කින් තේරී පත්වීම සමගයි.

නොවැම්බර් 21 සිට ජනවාරි 8 දක්වා කාලා පරාසය තුල බොහොමයක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්‍රියා කලේ මහින්ද රාජපක්ෂගේ අණපරිදි මිස සාදාරනව නොවේ. එම නිසා මෛත්‍රීපාල සිරිසේන නම් චරිතය ඔප මට්ටම් කරන අභියෝගය භාරගන්නේ වෙබ් හා සමාජ ජාලා වල පිරිසකි.

ඔවුන් මෛත්‍රී ව අඳුරන්නේ නැත. හිතවතුන් නොවේ. නමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් මාධ්‍ය වලට එල්ලකළ පීඩනය වෙනස් කිරීමට, එනම් මාධ්‍ය නිදහස ලබාගැනීමේ අරමුණින්, සුදු වෑන් සංස්කෘතිය රටතුල ක්‍රියාත්මක වන සමයක යහපාලනය නම් ආණ්ඩුව පත් කරගැනීමට දර දිය අදින්නේ මෙම වෙබ් හා සෝෂල් මිඩියා වල තරුණ පිරිසයි.

මෙය වෙලාවකට විහිළුවකි. හේතුව ” ශෝෂල් මිඩියා වලින් ආණ්ඩු පෙරල්ලන්න ? “ , TV වලින් පවා මෙය විහිළුවක් යැයි දැන්වීම මගින් පළකළහ. කෙසේ නමුත් ” අපි හැමෝම එක්වුනොත් කරන්න බැරි දෙයක් නැහැ ” යන වග සනාථ කරමින් ශෝෂල් මිඩියා හා වෙබ් ක්‍රියාකාරීන්ගේ සහය අතැතිව මෛත්‍රිපාල සිරිසේන නම් චරිතය ජනවාරි 8 වන දින ජනපති අසුනට පිවිසුණේය.

එහිදී ඔහු පැවසුවේ ” මං වෙනුවෙන් පෙනී සිටියේ වෙන කව්රුත්වත් නෙවෙයි, මාව කවදාවත් දැකලාවත් නැති ශෝෂල් මිඩියා වල මේ තරුණ කොල්ලෝ කෙල්ලෝ” යනුවෙනි.

ඒ විපලවයත් සමග මෙම ඓතිහාසික ජයග්‍රහණය සඳහා විවධ පිරිස් අයිතිවාසිකම් කියද්දී, විප්ලවය සඳහා සහභාගිවූ සැබෑ ක්‍රියාකාරීන් කොන් වන්නේ කාටත් නොදැනිය. මෙය අප රටේ ස්වභාවයයි. එනම් බලයට හා මුදලට හැමදේම විකුනුනේය. කාලය ගෙවී යයි, 2016 නොවැම්බර් 21 වන දිනට මෙම ඓතිහාසික තීරණයට වසර දෙකක් සම්පුර්ණ වූ අතර එදා සිදුවුයේ අමුතු දෙයකි. ” 21 වන සියවසේ 21 වන දා “ යනුවෙන් එදා 2014 නොවැම්බර් 21 සිට 2015 ජනාවාරි 08 දක්වා තම පණ දෙවනුවට තබා මෛත්‍රිපාල සිරිසේන නම් චරිතය ඔප මට්ටම් කල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපයකගේ සහභාගිත්වයෙන් ශෝෂල් මිඩියා හරහා ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක වනවා අපට දැකගැනීමට හැකිවුණි.

ශ්‍රී ලංකා සයිබර් අවකාශයේ ප්‍රථම වතාවට මෙසේ වෙබ් හා ශෝෂල් මිඩියා ක්‍රියාකරුවන් පිරිසකකට සජීවී අත්දැකීමක් දීමට මෙම පිරිස සමත්වෙයි.

මෙය ෆේස්බුක් පිටු කිහිපයක්, වෙබ් පිටු කිහිපයක් හා youtube හරහාද ලෝකේ කොහේ හිටයත් සජීවීව දැක බලා ගැනීමේ හැකියාව ඔවුන් විසින් ලබාදී තිබුණි.

වැඩසටහන සාර්ථක වන්නේ 2016 නොවැම්බර් 22 වන දින බොහොමයක් පිරිස අතර මෙම වැඩසටහන පිලිබඳ කථිකාවක් ඇතිව්මත් සමගය. සමහර ෆේස්බුක් පිටු මෙය විවේචනය කරන්නේ “තමන්ව මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය නොකළේ මන්ද ? අපිටත් අවස්තාවක් දෙන්න” යනුවෙනි. සමාජ මාධ්‍යවල සිටින සැබෑ දක්ෂයින්ට මෙවැනි හෝ වැඩසටහනක් සංවිධානය කිරීම අගය කල යුතුය. හේතුව සමාජ මාධ්‍ය වල සිටින බොහෝ චරිත, සැබෑ ජිවිතයේ ” තමන් පොරවල් ” යනුවෙන් කියාගන්න පිරිසට වඩා දක්ෂ නිසාවෙනි.

15175476_996808027131105_1416509886_n

15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n
15175476_996808027131105_1416509886_n

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here