මාලිගාවත්ත වකුගඩු රෝහල සඳහා නව වාට්ටුවක් විවෘත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්යය සාධන බලකාය පවසයි.

එහි අධ්‍යක්ෂ අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ එම වාට්ටුව සඳහා රුපියල් ලක්ෂ 03ක වටිනාකමින් යුත් ඇඳන් 30ක් ලබාදීමට අද දිනයේ කටයුතු කරන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමකට අනුව සිංගප්පූරුවේ පුණ්‍යායතනයක් මඟින් මෙම ඇඳන් ලබාදී තිබේ.

සංවර්ධනය කෙරෙනු මාලිගාවත්ත රෝහලේ රථගාල ලබන සතියේ විවෘත කිරිමට ද සැලසුම් කර ඇති බවයි  අසේල ඉද්දවෙල මහතා  සදහන් කළේ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here