කාමර කුලියට දෙන ස්‌ථානයකට බලයෙන් කාන්තාවක්‌ රැගෙන ගොස්‌ දෙදෙනකු එක්‌ව ඇයව දූෂණය කිරීමේ සිද්ධියක්‌ පිළිබඳව 30 දින මාරවිල පොලිසියට පැමිණිල්ක්‌ ලැබී ඇත.

පැමිණිලිකාරිය වයස අවුරුදු 36 ක්‌ වූ පොතුවටවන කහටවිල පදිංචිකාරියකි. ඇය ඇඟළුම් සේවිකාවක්‌ ලෙස රැකියාව කරයි.

පැමිණිලිකාරිය නීත්‍යනුකූල සැමියාගෙන් වෙන් නොවී අනියම් සැමියකු සමඟ මාස කිහිපයක්‌ එකට ජීවත් වෙමින් සිට ඇත. පසුව ඔහු සමඟ අමනාපවී පොතුවටවන කහටවිල පදිංචි තම මවගේ නිවසට පැමිණ තිබේ.

දිනක්‌ ඇයගේ ජංගම දුරකථනයට නාඳුනන අංකයකින් ආ ඇමතුමකට කතා කරමින් නාත්තන්ඩිය ලංකා බැංකුව අසළට පැමිණ තිබේ. එවිට රතුපාට ත්‍රීවීල් රථයකින් පැමිණි පුද්ගලයකු ත්‍රීවිල් රථයට නගින ලෙසට බලකර ඇත.

ත්‍රීවිල් රථයට නැගීමට ඇය අකමැති වූ විට එම පුද්ගලයා ඇයගේ අනියම් සැමියාව සිටි තරංග මග සිටින බව කියා තිබේ. ඉන්පසු ත්‍රීවීල් රථයට ගොඩවී ඇත.

ත්‍රීවිල් රථය නාත්තන්ඩිය කුලියාපිටිය මාර්ගයේ ගොස්‌ තබ්බෝව තොරණ පන්සල පසුකර වම් පසට ඇති අතුරු පාරකින් හරවා යන විට අනියම් සැමියා ත්‍රීවීල් රථයට ගොඩවී තිබේ.

පසුව ත්‍රීවීල් රථය කාමර කුලියට දෙන ස්‌ථානයට පැමිණි විට අනියම් සැමියාගේ ත්‍රීවීල් රථයද එහි තිබී ඇත. ඇයව කැඳවාගෙන පැමිණි පුද්ගලයා බලයෙන්ම කාමරයකට කැඳවාගෙන ගොස්‌ ඇඟ සෝදා ගන්නා ලෙස කියා නාන කාමරයකට තල්ලු කර ඇත.

ඇය නාන කාරමයේ සිට පැමිණෙන විට ඇයගේ අනියම් සැමියා ද කාමරයේ සිට ඇත. එහිදී අනියම් සැමියාත් අනෙක්‌ පුද්ගලයාත් ඇයව දූෂණය කර ජංගම දුරකථනයකින් වීඩියෝ ගතකර තිබේ.

ඇයගේ එම පැමිණිල්ලට අනුව පරීක්‍ෂණ සිදුකළ මාරවිල පොලිසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මාරවිල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here