ප්‍රාදේශීය සභා  මැතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු මේ වන විට අවසන් වී තිබේ.එක් එක් පක්ෂ විසින් පක්ෂ වලට එකතු වූ මුදල් මගින් එම ප්‍රචාරක කටයුතු සිදු කර ඇත. කෙසේවෙතත් මෙවර පෙර පැවති මැතිවරණ වලට සාපේක්ෂව ඉතාමත් ඉහල වියදම් සියලු පක්ෂ දරා ඇති බවට වාර්තා වේ.

යහ පාලන රජය යටතේ සැරසිලි වලට වැට බදිමින් ගෙන ආ නීති හමුවේ අපේක්ෂකයන් දැඩි අපහසු තාවයට පත් වී සිටි බවත් තමන්ගේ ප්‍රචාරණයට වැය කිරීමට විශාල මුදලක් යෙදවූ අපේක්ෂකයන් පවසන්නේ ඒ හේතුවයි. අපට වාර්තා වන අන්දමට මෙම මැතිවරණයේදී ප්‍රචාරණ කටයුතු සදහා වැඩිම මුදලක් යොදවා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

අන් සියලුම පක්ෂ අභිපවමින් තමන්ගේ වේදිකා සැරසවිම පවා ඉතාමත් ඉදිරියෙන් සිටි බව ඔබ අප සියලු දෙනාටම දැක ගැනීමට හැකිවූ දර්ශනයකි. වංචා දුෂණ රැසකට හිමිකම් කියන පොදුජන පෙරමුණේ නායකයින් මෙලෙස මුදල් වියදම් කිරීම පිළිබඳව අපි කරුණු සොයා බැලීමක් සිදු කරනු ලැබුවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බොහෝ බහුජාතික සමාගම් වලට දක්වන දැඩි විරෝධය හේතුවෙන් ජනාධිපතිවරයා 2020 පරාජය කිරීමේ අරමුණින් මෙලෙස මෙම බහුජාතික සමාගම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා මුදල් ලබා දී ඇත බව අපට අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුනා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කිරිපිටි සමාගම් සමගද ඉතා දැඩි ක්‍රියාමාර්ග රැසක් ගැනීම හේතුවෙන් ෆොන්ටෙරා වැනි බහුජාතික සමාගම් ජනාධිපතිවරයා පරාජය කිරීමේ අරමුණින් විපක්ෂයට මුදල් ලබා දෙමින් ඇත.

තවද බහුජාතික ඖෂධ සමාගම් ද පොදුජන පෙරමුණට මුදල් ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඖෂධ මාෆියාවට වැට බදිමින් සිදුකල ක්‍රියා හේතුවෙනි.වකුගඩු රෝගයට හේතුවන ඇතැම් වල්නාශක තහනම් කිරීම නිසාද බහු ජාතික සමාගම් රැසක් ජනාධිපතිවරයා සමග පරාජය කරීමේ අරමුණින් සිටියි.තවද මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඇස්බැස්ටර් තහනම හේතුවන් එම නිෂ්පාදන කටයුතු වල නිරත බහුජාතික සමාගම් මෛත්‍රිපාල සිරිසේන ජනපති පිළිබද දැඩි විරෝධයක් දක්වයි.

මේ කරුණු නිසා බහු ජාතික සමාගම් බිලියන ගණනක මුදලක් මහින්ද රාජපක්ෂ මහතා සහය ලබාදෙන පොදුජන පෙරමුණට ලබා දී ඇත.මෙම පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂකයන් 9500 ක් පමණ මැතිවරණය සදහා ඉදිරිපත් වී ඇති අතර එහිදී එක් අපේක්ෂකයෙක් සදහා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇත.එනම් මිලියන 950 ක පමණ මුදලක් අපේක්ෂකයන් සදහා පමණක් පොදුජන පෙරමුණ විසින් ලබා දී ඇත.

තවද පොදුජන පෙරමුණේ පති එක් රැළියක් සදහා වියදම රුපියල් ලක්ෂ 70 කි.එලෙස මැතිවරණ රැස්වීම් 25 ක පමණ පැවති අතර මිට අමතරව දැන්වීම් ප්‍රචාරණ කටයුතු සදහා තවත් මිලියන ගණනක විශාල මුදලක් බහු ජාතික සමාගම් විසින් පොදුජන පෙරමුණට ලබා දි ඇත.

මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මුදලින් බිලියන ගණනක මුදලක් ලබාදෙන බහුජාතික සමාගම් වල අරමුණ වී ඇත්තේ 2020 දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ජනාධිපති ධුරයෙන් ඉවත් කර ඔවුන්ගේ සමාගම් වල නිෂ්පාදන හිතේ හැටියට ශ්‍රී ලංකාව තුල අලෙවි කර දේශීය නිෂ්පාදන අඩපන ගැන්වීමය.ජනාධිපතිවරයා මුදලට යට නොවී ජනතාව සමග යන මේ ගමන බහුජාතික සමාගම් වලට නැවතිය හැකිදැයි අප බලා සිටින්නෙමු,

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here