යාපනය ප්‍රදේශයේ වැසියන් මේ දිනවල භූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා අධික ලෙස බියට සහ මානසික පීඩනයට ලක්ව තිබෙනවා.ඉතා කෙටි කලක්‌ තුල යාපනයේ එකම පවුලකට අයත් පුද්ගලය් 09 දෙනෙකු මිය යාමේ හේතුවක් මෙම භූත බියට ආසන්නතම හේතුව වී තිබෙනවා.

මෙලෙස මිය ගිය පිරිස අතර කාන්තාවන් 4 දෙනකු සහ කුඩා ළමයින් දෙදෙනකු ද වන අතර යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන්ටද ඔවුන් මියගිය හේතුව සම්බන්ධ තොරතුරක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ. මේ හේතුව නිසා අදාල පිරිස මියගියේ භූත බලවේගයක්‌ නිසා බවයි යාපනයේ වැසියන් ප්‍රකාශ කරන්නේ.

මේ පිළිබඳව යාපනයේ මාධ්‍ය ද වාර්තා කිරීම නිසාත්,රාත්‍රී කාලයේදී විවිධ අත්භූත සිදුවීම් සිදුවන බවට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීම නිසාත් එම ප්‍රදේශයේ  බිය දෙගුණ තෙගුණ වී තිබෙනවා.

මේ සිදුවීම් අතරතුරේ අද (27) දිනයේදීද යාපනයේ ප්‍රදේශයේ තවත් වසය අවුරුදු 08 ක දැරියක් මියගොස් තිබෙනවා. ඒ යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී. ඇයද මියගොස් ඇත්තේ  හඳුනා නොගත් උණ රෝගයකින් බවටයි වාර්ථා වන්නේ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here