වත්මන් නව ආණ්ඩුව පත්වීමත් සමඟ TNA ප්‍රභලයින් රජයට අමුතු යෝජනා තුනක් ගෙන එනු ලැබුවා. ඒ තමන්ගේ සහය නව රජයට අවශ්‍ය නම් ඔවුන්ගේ ඉල්ලීම් වලට ලිඛිතව කැමැත්ත දෙන ලෙසයි.

එම ඉල්ලීම් තුන වුයේ.
01. ෆෙඩරල් පාලන ක්‍රමයක් ඔවුන්ට ලබා දීම.
02. LTTE (කොටි) සිරකරුවන් සියළු දෙනා පැය 24 ක් තුල නිදහස් කිරීම.
03. ඔවුන්ට හිමි ඉඩම් නැවත ලබා දීම.

යන කාරණායි.

මානව අයිතීන් පිලිබඳ සැලකු රජය මෙයින් ඔවුන්ට ඔවුන්ගේ අතීත පදිංචිය හිමි ඉඩම් නිදහස් කර දීමට කැමැත්ත පල කර තිබු නමුත් ෆෙඩරල් පාලන ක්‍රමයට සහ LTTE (කොටි) සිරකරුවන් නිදහස් කිරීම යන කාරනා වලට එකඟ වුයේ නැහැ.

මෙම කොටි සිරකරුවන් අතර අරන්තලාව භික්ෂු ඝාතනය, පල්ලිය ගොඩැල්ල සමූහ මිනිස් ඝාතනය වැනි දරුණු ඝාතන සිද්ධීන් වලට සම්බන්ධ කොටි සිරකරුවන් සිටිනවා.

පවතින දේශපාලන වාතාවරණය යටතේ ඉන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සිතු TNA ප්‍රභලයින් රනිල් වික්‍රමසිංහ මහතා ලගට යන්නේ ද එම ඉල්ලීම් තුනට ලිඛිතව පිළිතුරු අපේක්ෂාවෙන්.

අන්ද මන්ද වී සිටින රනිල් වික්‍රමසිංහ මහතා රට ගැන නොසිතා තමන් වැටුණු වලෙන් ගොඩ ඒමට එම යෝජනා වලට එකඟත්වය ලිඛිතව පල කර ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරනවා.

මෙයට පිළිතුරු වශයෙන් එජාපයට සහය දීමට ඨ්ණැ ප්‍රභලයින් දැන් සූදානම්ව සිටිනවා.

නැවත රටෙන් කොටසක් විකුණා තම ආධිපත්‍ය රැක ගැනීමට වෙර දරණ රනිල්ට එරෙහිව එජාපයේ තවත් ප්‍රභලයින් 10 දෙනෙක් වත්මන් රජයට සහය පල කිරීමට කැමති වී සිටිනවා. ඔවුන් අද සහ හෙට දිනයන් වල ඇමතිධුර වල රාජකාරි භාර ගැනීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here