ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේඛම් වරයා ගතන සැලැස්ම ඉන්දීය රෝ කණ්ඩායම් සැලසුම් කල කාර්යක් යැයි ජනපති මෛත්‍රී පැවසු බවට පලවෙන විවිධ ප්‍රකශ සාවද්‍ය බවට අද සවස්වන විට ඔප්පු වී හමාරය. ඒ දෙරටේ නායකයින් දුරකනතනයෙන් කල සංවාදය හේතුවෙනි.

මෙහිදී නායකයින් ඉතා සුහදශීලි කථා බහක නිරත වූ අතර, ශ‍්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට බඳුන් විය. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී සඳහන් කළේ ශ‍්‍රී ලංකාවේ සෞභාග්‍යය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත‍්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී සඳහන් කළ අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමඟ වඩා මිත‍්‍රශීලි සහ සමීප සබඳතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ද සතුට පළ කළේය.

සමීප මිතුරෙකු සහ සහෝදර රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකාවේ සංවර්ධනයට සහ සාර්ථකත්වයට ඉන්දියාව නිරන්තරයෙන් ලබාදෙන සහය මෙහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ඇගැයීමට ලක් කෙරිණි.

ලෝකයක් දිනමින් යන ශ්‍රී ලංකාවට සතුරන් ඇති කර නැවතත් පෙර පවතී ලෙසම ලෝකයෙන් කොන් වූ රටක් බවට පරිවර්තනය කරන්නට විවිධ වූ දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවට මේ වන විට අනාවරණය වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here