පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ශ්‍රී ලංකා රජය විසින් ධීවර බෝට්ටු තුනක් සහ ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද,මේ වන විට ශ්‍රී ලංකා අත්අඩංගුවේ ඉන්දීය ධීවරයින්  73 දෙනෙකු සහ ධීවර යාත්‍රා 101ක් පවතින බව ද, ඔවුන්ව මුදාගැනීමට පෞද්ගලිකවම මැදිහත්වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර තිබේ.

තමිල්නාඩු ධීවරයින්ට කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ගැටළුවකින් තොරව ධීවර කටයුතුවල නිරත වීමට අවස්ථාව ලබාදෙන ලෙස ද ජයලලිතා ජයරාම් සිය ඉල්ලීමේ කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ශ්‍රී ලංකා බාරයේ පසුවන ධීවරයින් සහ ධීවර යාත්‍රා නිදහස් කිරීමට කටයුතු නොකළහොත් ඉදිරියේ දී වර්ජනයක් සිදුකරන බව ද ඇය පවසා තිබේ.

අදාළ ලිපිය පිළිබඳව අවධානය යොමුකරමින් නරේන්ද්‍ර මෝඩි, මේ පිළිබඳ සොයා බැලීම සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දී ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියි

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here