ඔයා මට පොලු තියා 

ගියා කියා නිසා

මෙමා ගෙල වැලදමා කුමටද

මට හිදී මව පියා”

මේ දවස්වල අලුත් තාලෙට යන අමිල නිදහස අයියගේ සින්දුව ඔයාල අහන්න ඇති කියලා හිතනවා. ඇහුවෙ නැත්නම් ඉතින් කියන්න ඕන නෑනේ අහපල්ලා ඒක..

සින්දුව කියවද්දිම තේරෙනවනේ මොකක්ද මේ කෙකර ගාන්නේ කියලා.. හරි හරි ඔන්න ඔය ඇස් ඉදිමිලා ඉන්න විරහ වන්තියො/වන්තයොන්ට තමයි අද ලියන්නේ මේ. විරහා කියන්නෙම ජීවිතේ අත්දැකීමක් කරගන්නම ඕන දෙයක්.ඕකට අපේ උන් කියන්නේ boot කනවා කියලනේ. සමාවෙන්න මං නම් දන්නෑ ඔය boot කතාවේ නිධාන කතාව. දන්නව නම් පස්සේ මාව දැනුවත් කරන්නකෝ.

හරි මෙන්න මේකයි සීන් එක.දැන් ඔය Boot කන එකයි Boot තියන එකයි රැල්ලක් වෙලානේ. මං හිතන විදියට ලංකාවෙම පැයට 10 න් 5 ක් ම Boot කනවා ඇති boot තියනවත් ඇති. ඒකම වෙන්නැති හොටු පෙරන් අඬන සින්දු හෝ ගාලා එලියට පනින්නේ. දැන් බලන්නකෝ නිකමට යාළුවෙක්ගේ phone එකට call එකක් අරන්.. කියලා වැඩක් නෑ ඉතින් ringing tone එකම අඬනවා. ඉතින් අපටත් ඇඬෙනවා.කමක් නෑ එහෙම සිංදුවක් හරි අහලා හිත එකලාසයක් කරන් shape එකේ ඉන්නව නම් කමක් නැහැ. ඒත් ඔයිට වඩා දේවල් කරන්න යන අං තට්ටු බැඳපු ඩයල් ටිකකුත් ඉන්නවනේ ඔය අස්සේ.

අනේ කොල්ලනේ කෙල්ලනේ ආදරේ කියන්නෙම ජීවිතේ මහ ගොඩක් වටින ජීවිතේම කිතිකවලා නැඟිට්ටවන ලස්සනම ලස්සන හැඟීමක් තමයි.සමහරුන්ට ආදරේ කියන්නේ මුළු ජීවිතේම ඒක වෙන්නැති ආදරේ නතර වුණ ගමන ජීවිතෙත් නතර වෙන්නේ. ඒත් ආදරේ කියන්නේ ජීවිතේ එකම එක කොටසක් විතරයි. ඔය ආදරේ කියන වෛරස් එක අපේ system එකට දාගනිද්දිම වෙනම folder එකක් හදලා දාගනිම්. හැබැයි ඒ ආදරේ main folder එකක් වෙන්නම ඕන. අර ජීවිතේ අනිත් දේවල් එක්ක සමගාමීව ඔය ආදරෙත් run වෙන්න දෙන්න. නැතිව මුළු සිස්ටම් එකම ආදරේ කරන් දුවන්න ගියොත් අතර මඟදි චකබ්ලාස්ට් තමයි..

ඔයාලා දන්නවද බුද්ධ දේශනාවලත් තියෙනවා සියලු දේ අනිත්‍යයි කියලා. අපේ සෝරත පොඩි හාමුදුරුවන්ට තේරෙන ඒ අනිත්‍ය බව මේ අපේ මොට් පැටව්න්ට තේරෙන්නැති හැටි බලන්නකෝ.. අන්න ඒ වගේ තමයි ආදරෙත් අනිත්‍යයි දෙයිහාන්දුරුවනේ. ඕක ඔලුවට ගනිල්ලා. ආදරේ මුලදි මුලදි රහ වුණාට පරණ වෙද්දි ටිකක් එහෙ මෙහේ වෙනවා. ඒක තමයි මං කියන්නේ ආදරේටත් කල් ඉකුත්වෙන දිනයක් එනවා කියලා.ඉතිං ඔය හැමදේම දැනත් එක හිතකට ආදරේ කරගෙන balance එකේ run කරන උන් දිනනවා. ජීවිතේ ප්‍රශ්ණ වලට මූණ දීගන්න බැරි උන් නහිනවා. මේ අල ගෙඩියක් තරම් මොලේ තමයි මේ ඔක්කොටම මුල.

මේක අහන්නකෝ ආදරේදි boot ලැබුණම දුක තමයි ඉතින් එහෙමයි කියලා ඒක දරා ගන්න බැරිව කොන්ද පණ නැති උන්වගේ බෙල්ලේ වැල දාගන්න එක, වහ බොන එක, ගඟේ පනින එක, පිහියෙන් අනින එක සාධාරණීය කරන්න පුළුවන්ද. හරිම මෝඩ තකතීරු තීරණයක් නේද ඒක. උඹලා එල්ලිලා මැරෙයි බෙල්ල තියලා මැරෙයි එතනින් එහාට උඹ වෙනුවෙන් හිටපු උන්ට උඹලා කොයි තරම් නම් දුකද්ද දීලා ගිහින් තියෙන්නේ..

මුකුත්ම නෙවෙයි පොඩ්ඩක් හිතන්න මාස නමයක් අම්මෙක් බඩක් උස්සන් ඉදලා විළිරුදාවෙන් පැය ගානක් වේදනා විඳලා උඹලව මේ ලෝකෙට දාන්නේ එතනින් එහාට රෑ දවල් නින්දක් නිදහසක් නැතිව උඹලව හදන්නේ මේ ඊයේ පෙරේදා ඇඟේ එල්ල ගත්ත එකෙක් එකියෙක් වෙනුවෙන් බල්ලෙක් වගේ මැරිලා යනවා බලන්නද.. එහෙම කළොත් අපි ඒ මිනිස්සුන්ට කොච්චර නම් ණයද දෙයියනේ. ඕකට කියන්නේ ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකු වුණා කියලා. එහෙම වෙන්න එපා අපි අපේ moral හදාගන්න ඕන. ලෝකෙට අවලංගු කාසි වෙන්න එපා.ලෝකෙට නෝන්ජලයෙක් වෙලා මැරිලා යන්න එපා. මැරෙන එකත් මැරියල්ලා deasant එකට පොරක් වගේ..

ජීවිතේ ප්‍රශ්න එනවා තමයි. ප්‍රශ්නවලට මූණ දෙන්න කොන්ද පණ තියෙන්න ඕන.අපේ දෙමව්පියොන්ට ආපු ප්‍රශ්නවල හැටියට උන්දලා මැරුණ නම් මේ ලෝකේ මිනිස්සුත් නැතිවෙයි.ඉතිං මෝඩ වෙන්න එපා.තමන්ට තමන් ඉන්න බව හිතන්න දෙමව්පියෝ ඉන්න බව හිතන්න.සැපවත් ජීවිතයක් හදා ගන්න ඕනේ බව හිතන්න.හොඳ ජොබක් හොයන් කවදහරි වාහනයක් අරන් හරියටම ගැලපෙන ආදරෙත් හොයාගෙන රවුමක් යන හැටි හීන මවන්න. දාලා ගියානම් ඒ දාල ගියපු එකාට එකීලට ඉරිසියා හිතෙන වටපිටාවක් තමන්ට හදාගන්න එකයි වෙන්න ඕන .එහෙම නැතිව බල්ලෝ බලල්ලු වගේ පාරවල්වල මැරිල යන එක නෙවෙයි වීරකම.. දන්නවද එහෙම මැරිලා ගියාම මිනිස්සු මරණෙටත් කෙල ගහලා යනවා නොදකින් මේ වගේ උන් හැදුවට හොඳයි මේ දෙමව්පියෝ කියලා..

ඉතින් හිතට ගන්න ගඩ්ස් හදා ගන්න තමන්ට තමන් ශක්තියක් වෙන්න.ආදරේ ජීවිතේම නෙවෙයි. Boot කෑවම ඒකත් විඳින්න.අඬන්න , සිංදුවක් අහන්න,මොනාහරි ලියන්න, ට්‍රිප් එකක් යන්න. කොහොමහරි කාලය ටිකක් යවලා හිත හදාගෙන නැඟිටින්න. මේ ගෙවෙන්නේ තරුණ ජීවිතේ සමනල් කාලේ.. ඒකට පාට දෙන්න .. කැමතිම පාට කැමති විදියට ගාගන්න. ඉතිං මේ ජීවිතේ අපේ, මේ ලෝකේ අපේ . අපේ ජීවිතේ අපේ ලෝකේ අපි හදාගමු.

කියපුවා ඔක්කොම අදාළම කරගන්න හොඳේ.

උඹලා හැමෝටම ජයෙන් ජය…!

ශානි නදීෂා

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here