යාපනයේ වයෝවෘද්ධම පුද්ගලයා බවට හඳුනාගෙන සිටි වයස අවුරුදු 101 ක පුද්ගලයා මියගොස් තිබේ.

යාපනයේ චාවාකච්චෙරි හා තිරුනවේලි යන ප්‍රදේශ දෙකේ මාරුවෙන් මාරුවට ජීවත් වූ පොන්නයියා නාමසිවායම් නැමති එම පුද්ගලයා උපත ලබා ඇත්තේ 1917 අප්‍රේල් මස 18 වෙනිදාය.

දරුවන් 11 දෙනෙකු හා මුණුබුරු මුණුබිරියන් 33 දෙනෙකු ඔහුට සිටි අතර වෘත්තිය වශයෙන් ඔහු ග්‍රාම නිලධාරියෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ අයෙකි.

මාස දෙකක පමණ කාලයක් රෝගී තත්ත්වයෙන් ඔහු පසු වුවත් මිය යනතුරුම හොද සිහි කල්පනාවෑන් ජීවත් වී තිබේ.

පසුගිය වසරේදී ඔහුගේ ඥාතීන් හා මිතුරන් ඔහුගේ 100 වෙනි උපන් දිනය අති උත්කර්ෂවත් අයුරින් සමරණ ලද අතර දේහය මහජන ගෞරවය සදහා යාපනයේ තිරුනවේලි ප්‍රදේශයේ ඔහුගේ නිවසේ තබා ඇත.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here