වැඩිහිටි පුද්ගලයෙකු මෝටර් රථයකින් එලියට ඇදදමා මෝටර් රථය පැහැරගැනීමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනෙකුගේ උත්සහය වැලකී යන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජායලට නිකුත් වී තිබෙනවා.

අදාළ සිදුවීම දකුණු අප්‍රිකාවේ Durban හි Monty Naicker මාර්ගයේ සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

ප්‍රථමයෙන් මෝටර් රථය අසලට පැමිණෙන මෙම පුද්ගලයින් දෙදෙනා එම වැඩිහිටි පුද්ගලයා අමානුෂික ලෙස මෝටර් රථයෙන් පිටතට ඇද දමනවා.

අදාළ සිදුවීම බලා සිටින කාන්තාවක් ප්‍රථමයෙන් එම ස්ථානයට දිවවිත් එම තරුණයන්ට පහරදෙන අතර පසුව මාර්ගයේ සිටි බොහෝ පිරිසක් එම ස්ථානයට රැස් වනවා.

මේ හේතුවෙන් අදාළ සොරකම වැරදී යන අතර සොරකමට පැමිණි දෙදෙනාට දැඩි ලෙස පහරදෙන අයුරුද අදාළ CCTV දර්ශන වල සටහන් වී තිබෙනවා.

එම දර්ශන පහතින් නරඹන්න.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here