ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිද අද පෙරවරුවේ තංගල්ල පොලීසියට බාර වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි

කලින් තංගල්ලේ රාජ්‍ය බැංකුවක සේවය කරමින් සිටි ඇයට එරෙහිව එම බැංකුවේ කලමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් නිසා පොලීසිය විසින් ඇය සොයමින් සිටි නිසා නීතීඥයෙකු මාර්ගයෙන් මෙසේ පොලීසියට බාර වී ඇත.

රුපියල් 989,000ක් වටින් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් බැංකුයේ කලමණාකරු විසින් පොලීසියට පැමිණිලි කර තිබේ.

2012.11.14 දින සිට 2016.04.22 දක්වා ඇය සේවය කරමින් සිටි කාලයේදී මෙම වංචාව සිදුව ඇතැයිද කලමණාකරු කියයි.

අද දිනයේ ඇය බාර නොවූයේ නම් ඇය සඟවා තබාගැනීමේ චෝදනාවට ඇයගේ ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාද අත්අඩංගුවට ගැනීමට ඉඩතිබූ බවත් පොලිස් ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම වංචාව සම්බන්ධ සිද්ධිය පොලිසියට වාර්තාවීමෙන් පසු වසර එකහමාරක පමණ කාලයක් සිද්ධිය යටගසා තිබීම පිළිබඳවද මේ වනවිට පරීක්ෂණ ආරම්භවී ඇත. එම සිද්ධිය යට ගැසීම පිටුපස රුපියල් ලක්ෂ ගණනාවක අල්ලස් ගැනීමේ සිද්ධියක් ඇති බවක් ද මේ වන විට අනාවරණය වී තිබේ.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here