සත්කාරක දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදි පරාජය කරමින් පූර්ණ ටෙස්ට් තරග ජයක් ලැබූ පළමු ආසියාතික කණ්ඩායම බවට පත්වෙමින් ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අද (25දා) දිවයිනට පැමිණියා.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් අද දිවයිනට පැමිණි අතර සෙසු ක්‍රීඩකයන් සීමිත පන්දුවාර තරගාවලිය වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ සිටිනවා.

Qර්‍ 656 අංක දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි එම ක්‍රීඩකයින් පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර එහිදී ඔවුන්ට ඉහළ පිළිගැනීමක් ලැබුනා.

මේ අතර පසුගියදා ක්‍රිකට් කණ්ඩායමේ ආන්දෝලනාත්මක වීඩියෝව සම්බන්ධයෙන්ද අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අදහස් දැක්වූ අතර වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ඒ සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශ කළා.

“කණ්ඩායමක් විදිහට පසුගිය කාලයේ අපි පරාජයට පත් වුණා තමයි. නමුත් කෙසේ හෝ අපිට නැඟිටින්න පුළුවන් කියන විශ්වාසයත් එක්කයි අපි කටයුතු කළේ. පරිපාලනයවත් වෙන කවුරුවත් නෙමෙයි.. අපි 11 දෙනා තමයි මැදට පැනලා ක්‍රීඩා කරන්නේ. වීඩියෝවේ සාමාන්‍ය දෙයක් අපි කතා කළේ.. සමහර අය ඒක ගොඩාක් දුර අරං ගියා.

අපි කොයි වෙලාවෙවත් හිතුවේ නෑ.. ඒක එළියට යයි කියලා. අපි දන්නෙත් නෑ වීඩියෝ කරනවා… වීඩියෝ එක එළියට දාපු එක්කෙනා ගැන ක්‍රිකට් බෝඩ් එක පියවර ගනී. කොහොම වුණත් ඒක කණගාටුදායක තත්ත්වයක්. අපිට අවවාද කළා.. අපි ඒක පිළිගත්තා. තරගයක් ජයග්‍රහණය කරලත් ඒ වගේ දේකට මුහුණ දෙන්න වුණාම අපි තවත් පීඩනයකට ලක් වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here