ශ්‍රි ලංකන් ගුවන් සමාගම පිළිබදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වනවිට කතා බහක් ඇති ව තිබේ.

එහිදී ජනාධිපතිවරයා සත්‍ය වශයෙන් අදහස් කර සිටින්නේ ශ්‍රි ලංකන් කේටරින් සමාගමට තුළ මාෆියාවක් ඇති බව ය.

මෙම මාෆියා විිසින් ශ්‍රි ලංකන් කේටරීන් සමාගමේ කිර්තී නාමයද විනාශ කරමින් සිටින බව ය.විශේෂයෙන් කජු යනු මෙරට විශාල වශයෙන් වගා වෙන භෝගයකි.ලොව හොදම කජු තිබෙන රටක් ලෙස ද ලංකාව හදුන්වයි.

ලංකාවේ කජු මෙට්‍රික් ටොන් 15,000ක් පමණ නිෂ්පාදනය කරන අතර මුළු ලෝකයෙන්ම කජු නිෂ්පාදනය කරන රටවල් අතරින් 5%ක පමණ පමණ වෙළදපොලක් අත්කර ගැනීමට ශ්‍රි ලංකාවට හැකි ව තිබේ.මෙසේ තිබියදී ශ්‍රි ලංකන් කේටරීන් සමාගමට ලංකාවේ කජු මිලට ගන්න බැරි ඇයි ? යන ප්‍රශ්නය පැන නැගේ.අඩු මිලට බාල කජු විදෙස් රටකින් මිලට ගැනීමට ශ්‍රි ලංකන් සමාගම කටයුතු කරන බව අපට පෙනී යයි.අප තේරුම්ගත යුතු යථාර්ථය වන්නේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ සගරා තුළ ලංකාවේ කජු පිළිබදව වාර්තා ඇත.ඒවා කියවා ශ්‍රි ලංකන් යානයට ගොඩවන ගුවන් මගීයා වෙනත් රටක පිළුණු වූ බාල කජු ආහාරයට ගන්නේ නම් එතැන ප්‍රශ්නයක් තිබේ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් කර සිටින්නේ එම කතාව ය.

මේ අතර රාජපක්ෂ පාලන සමය තුළ ශ්‍රි ලංකන් කේටරීන් සමාගම යනු අධික ලෙස මූල්‍ය වංචා සිදු වූ සමාගමකි.මේ පිළිබදව ජනාධිපති පරීක්ෂණ කොමිසමක් මගින් ද පරීක්ෂණ සිදු වේ.එකල කජු පමණක් නොව වෙනත් ආහාර ද පිළුණු ඒවා ද ලබා දුන් බව මගීන්ද පැමිණිලි කර තිබුණි.

නමුත් එවා කනකට නොගෙන ශ්‍රි ලංකන් කේටරීන් ආයතනය තවදුරටක් මේ ආකාරයට පිළූණු ආහාර ලබා දීම දිගින් දිගටම සිදු කෙරූ බව අප විසින් සොයා බැලීමක දී අනාවරණය විය.

ඒ අනූව ජනාධිපතිවරයා මේ පිළිබදව සමාජයේ කතා බහක් ඇති කිරිමෙන් පසු ශ්‍රි ලංකන් කේටරීන් සමාගම තුළ මෙවැනි දෑ තවදුරටත් සිදු නොවනු ඇති බව විශ්වාස කල හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here