වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්‍රදාය විසිනුත්, බිතාන්‍ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය, නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගැනීමට නියමිත බවත් ශ්‍රී පාද අඩවියේ අක්කර 99 ක භූමි ප්‍රමාණයක් පූජා භූමියක් ලෙස නම් කොට සංවර්ධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ඉදිරිපත් කොට ඇති බව සොබා දහම අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා 2014 වර්ෂයේදී සදහන් කරනු ලැබුවා.

ඒ වනතෙක්ම ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ එම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

එහෙත් මෙය පූජා භූමියක් ලෙස නම් කිරීම යටතේ බැතිමතුන්ට පහසුකම් සැපයීම සඳහා ශ්‍රී පාදය දක්වා ගමන් කරන මාර්ගයේ දෙපස එළි පෙහෙලි කිරීමට අමාත්‍යංශයන් අවසරය හිමි වන අතර නවාතැන් පහසුකම් ගැනීම සදහා ගොඩනැගිලි ඉදිකිරීම හා ගමන් කිරීම සදහා දියුණු මාර්ග ඉදිවීමද සිදුවෙන අතර,

එමෙන්ම පරිසර සංවිධාන මැදිහත් වීමෙන් හකුළා ගනු ලැබූ කේබල් කාර් ව්‍යාපෘතිය නැවත නව ආරකින් සක්‍රීය කිරීමටද මෙමගින් අවස්ථාව සැළසෙන බවද කාරිවසම් මහතා පෙන්වා දුන් අතර .1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි.

එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස පූජා භුමියක් ලෙස නම් කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය ඉදිරිපත් කොට එය එවකට පවරාගෙන තිබෙනවා. දැන් නැවතත් මේ කතාව උඩට මතුව අත්තේ මේ දිනවල සමාජ ජාල ඔස්සේ ශ්‍රී පාද අඩවියට හෙළකොප්ටරයක් බස්සවා ඇති සිද්ධියක් සම්බන්ධයෙන් විවිධ පුවත් මැවෙමින් පවතිනවා. ඡායාරූප සමඟින් විවිධ ප්‍රවෘත්ති පල වෙන අතර මෙලෙසින් හෙලිකොප්ටරය බස්සවා ඇත්තේ ශ්‍රී පාදය පාමුල පිහිටා ඇති ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන ප්‍රදේශයට වන අතර එය නල්ලතන්නි පොලිස් වසමට අයත් ප්‍රදේශයක් බවයි කරුණු සොයා බලීමේදී වාර්තා වූයේ.

ආන්දෝලනායට තුඩු දුන් ඉඩම හිමිව අත්තේ සුප්‍රසිද්ධ ‘ආපිකෝ’ සමාගමේ හිමිකරු වන ‘සේන යක්දෙහිගේ’ මහතාට වන අතර ඔහුට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශයන්හී ‘ආපිකෝ සුපර් සෙන්ටර්’ දැමීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දෙන බවට වූ පොරොන්දුවක් මත මෙම ඉඩම එවකට ඔහුට තිබූ සුපිරි බලයත් යොදාගෙන ලබා ගෙන එම ඉඩම ලබාගෙන ඇත.

ඉන්පසු මෙම ශ්‍රී පාද අඩවිය පාමුල මෙම ඉඩම මිලදීගත් බැසිල් රාජපක්ෂ විසින් එහි සංචාරක හෝටලයක් ඉදිකිරීමට පිඹුරුපත් සකස්කර තිබූ නමුත් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ එම කාර්ය කරගැනීමට ඔවුන් ඇතුළු පිරිසකට හැකියාව ලැබී නැහැ.

මේ අතර හිටපු රජය පෙරළී යහපාලන රජය බලයට පැමිණීමත් සමඟින් මතුවට හෝටලය ඉදිකිරීමේ සැලැස්මක් නොමැතිව බැසිල් රාජපක්ෂ විසින් මෙම ඉඩම කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට විකුණා තිබෙන අතර වාර්තා වන ආකාරයට එම මුස්ලිම් ජාතිකයන් අරාබි ජාතික ආයෝජන කරුවන් පිරිසක් සමග මෙහි ඉදිකිරීම් කටයුතු කිරීමට කැමති වී ඇත.

මුස්ලිම්වරුන් විශ්වාස කරන ශ්‍රී පාදයේ ඇති මුස්ලිම් ආගමික පසුබිම මුල් කරගෙන සුප්‍රකට මහගිරිදඹේට මෙම ස්ථානයේ සිට ඉතා කුඩා දුරක් තිබෙන නිසා එම අරාබි ව්‍යාපාරිකයින් පිරිස මෙහි සංචාරක හෝටලයක් සෑදිම සඳහා අවශ්‍ය කාරනා සකසා ගැනීමට මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙහි පැමැණි පළමු වතාව මෙය නොවන බවත් කිහිප වතාවක් පැමිණ තිබෙන බවත් සඳහන්.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here