දිව්‍යංකා ත්‍රිපාති. එහෙම නැත්නම් ඉෂිතා. මෞනි රෝයි. ඒ කිව්වේ ශිවන්‍යා. මෑත කාලයේ අපේ පුංචි තිරයේ ජනප්‍රියම තාරකාවන් දෙන්නෙක්.

අපේ ආලින්දයට මේ දෙන්නා එන්නේ මෑතක ඉඳලා වුණාට ඉන්දියාවේ පුංචි තිරය නම් මේ දෙන්නා ජයගත්තෙ ගොඩක් කාලයකට කලින්. ඉන්දියාවෙන් එන ආරංචිවල හැටියට මේ දෙන්නා හොඳ යෙහෙළියො දෙන්නෙක්. හැබැයි දෙන්නා අතර තරගයක් නැතිවමත් නෙවෙයි.

පසුගිය දවසක ඉන්දියාවේ පුංචි තිරයේ හොඳම නිළියන් දසදෙනා තෝරා ගත්තා. එහි අංක එක හිමිකර ගත්තේ ඉෂිතා. එහෙම නැත්නම් දිව්‍යංකා ත්‍රිපාති. තුන්වැනි ස්ථානය තමයි මෞනිට (ශිවන්‍යා) හිමිවුණේ.

නමුත් මේ දෙදෙනාගේ සුන්දරත්වය වගේම දක්‍ෂතාවත් එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවැනි නැහැ කියලා ප්‍රේක්‍ෂකයෝ දන්නවා.

එක් අවස්ථාවකදී රූපවාහිනි වැඩසටහනකට මේ දෙන්නාම සහභාගි වෙලා. එදා දෙන්නා එකට ගත්ත සෙල්ෆි ඡායාරූපයක් සමාජ වෙබ් අඩවිවලට එක්කළාට පසු විශාල සංඛ්‍යාවකගෙන් ප්‍රතිචාර ලැබිලා තිබුණා.

ඉන්දියානු ටෙලි නිළියන් ඉන්ස්ටර්ග්‍රෑම් කළ ඡායාරූප අතරින් හොඳම ඡායාරූපය තෝරන අවස්ථාවේදීත් ප්‍රථම ස්ථානය හිමිවුණෙ දිව්‍යංකාට. ඊට පසු ස්ථානයක් තමයි මෞනිට හිමිවුණේ.

මේ වසරේ ට්ධතඤ ඒඹචපඤඵ උළෙලේදීත් යේ හේ මොහාබතන් (මේ ආදරයයි) සහ නාගීන් (ප්‍රේම දඩයම) ටෙලි නාට්‍ය මාලා සම්මානයට පාත්‍රවුණා. එහිදී හොඳම නිළිය වුණේ දිව්‍යංකා. මෞනි තමයි ජනප්‍රියම නිළිය.

මේ විදියට අවස්ථා ගණනාවකදී මේ දෙන්නා කරට කර තරග කර තිබෙනවා. ඒ හැම අවස්ථාවකදීම ඉදිරියට ආවේ දිව්‍යංකා. නමුත් මෞනිත් පරාජයට පත්වුණේ නැහැ. ශිවන්‍යා නමින් මෞනි රඟන නාගින් (ප්‍රේම දඩයම) කතා මාලාව විකාශය වෙද්දි බොහෝ අය හිතුවෙ තිවංකාට (ඉෂිතට) තිබෙන ජනප්‍රියත්වය, ආදරය නැතිවෙයි කියලයි. නමුත් එහෙම වුණේ නැහැ.

ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් කරන්න මෞනිට බලාපොරොත්තුවක් තිබෙනවා වෙන්න පුළුවන්.

wewew

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here