“සංවර්ධනයත් නිරෝගී ජනතාවක්‌ රට තුළ බිහි කිරීමත් ජනාධිපතිතුමාගේ එකම අභිලාෂයයි”. අද ප්‍රදේශ ගණනාවක වකුගඩු රෝගය තදින් පැතිරී යනවා. කෘමිනාශක ද්‍රව්‍ය මෙයට තදින්ම බලපා තිබෙනවා යෑයි ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන මහත්මිය ප්‍රකාශ කළාය. ඒ  හිඟුරක්‌ගොඩ කවුඩුල්ල ඉසුරුගම ගම්මානයේ ඉදිකර තිබූ ජල පිරිපහදු මධ්‍යස්‌ථානය විවෘත කිරීමෙන් පසුව පැවැති ජනහමුව අමතාය.

මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය මගින් රුපියල් ලක්‍ෂ 35 මුදලක්‌ වැය කොට පවුල් 450 කට පානීය ජලය ලබාදීම සඳහා මෙය ඉදිකරන ලදී. වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ කළ චතුරිකා මහත්මිය ජනාධිපති කාර්යාලය මගින් වකුගඩු රෝගය සදහටම තුරන් කිරීමටත්, ඒ රෝගීන් සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදාගෙන ඇති බව පවසා සිටියා.

ඒ වගේම කුඩා කල සිටම පෝෂ්‍යදායී ආහාර දරුවනට ලබා දීමෙන් ඔවුන් තරුණවියට පත්වූ විට ජවසම්පන්න පරපුරක්‌ බිහි වෙනවා. අද ජංගම දුරකථන හා මත්ද්‍රව්‍ය උවදුර නිසා පවුල්සංස්ථාව පිරිහී ඇතිබව පැවසු එතුමියතරුණ ජවය රැකගත යුතු බව තරයේ පවසා සිටියා.

මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර, ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කළමනාකරු අතුල කුමාර යන මහත්වරුද කතා කළහ.

මැදිරිගිරිය – ගුණතිලක ගලප්පත්ති

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here