පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස 6 තුළ HIV ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පැවසුවේ, වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා 6 ලක්ෂයක් පමණ පරීක්ෂණ සිදුකර ඇති බව ය.

පසුගිය වසරේ මුල් මාස 6 තුළ HIV ආසාදිතයින් 116 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර මෙම වසරේ මේ දක්වා හඳුනාගෙන ඇති අසාදිතයින් සංඛ්‍යාව 127කි.

වාර්ෂිකව කාන්තාවන්ට සාපේක්ෂව HIV ආසාදිත පිරිමින් පුද්ගලයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද ලියනගේ මහතා පැවසී ය.

පසුගිය අවුරුදු 5 තුළ වාර්තා වූ ආසාදිතයින්ගේ සංඛ්‍යා දත්ත අනුව එය තහවුරු වන බව ත් සමලිංගික සේවනය එලෙස අසාදිතයින් වැඩි වීමට එක් හේතුවක් බව ත් ලියනගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ  ය.

සිසිර ලියනගේ මහතා පැවසුවේ, 95% ක් ම අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා HIV ආසාදනයන්ට හේතුව වන බවයි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here