15 හැවිරිදි සිසුවියක් වුණු මෙයා නාන කාමරේ නාන හැටි එයාගේ යාළුවෙක් වීඩියෝ කරලා තියෙනවා. සිද්ධිය වෙලා තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ.

හැබැයි ඒක ගැන සිසුවිය දැනගෙන ඉඳලා නෑ. මේ වැඩේ විහිළුවකට කළත් පස්සේ යාළුවෝ ඉන්න Snapchat Group එකකට මේ වීඩියෝ එක දාලා. මේ වීඩියෝ එක කොහොමහරි හැමතැනම හුවමාරු වෙන්න අරන්. සිසුවිය ඇවිත් එයාගේ ෆෝන් එක බලනකොට දැකලා තියෙන්නේ තමන් නිරුවතින් නාන හැටි ගැන යාළුවෝ කතාවෙන චැට් එක.

මේක දැකලා විනාඩි 15ක් යන්න කලින් එයා තමන්ගේ අම්මගේ පර්ස් එකේ තිබුණු තුවක්කුව අරන් නානකාමරයට ගිහින් වෙඩි තියාගෙන  ජීවිතේ නැතිකරගෙන තියෙන්නේ ඇතිවුණු ලැජ්ජාව හින්දා.

අන්තිමට යාළුවෝ වැඩිදුර හිතන්නේ නැතුව කරපු විහිළුව නිසා ටොවෝනා හැමෝවම දාලා ගියේ සමහර වෙලාවට සෙල්ලම් ලෙල්ලම් වෙනවා කියලා තව පාරක් ඔප්පු කරලා.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here