2005 – 2007 කාලයේදී වත්කම් බැරකම් හෙළි නොකළැයි අල්ලස් කොමිසම ගොනු කැර තිබු  නඩු දෙකක් සම්බන්ධයෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු  සභාපති හා හිටපු නියෝජ්‍ය ඇමති සරණගුප්ත ගුණවර්ධන මහතා අද අධිකරණයේ පෙනී සිටියේය.

එම චෝදනා වලට  වරද පිළිගැනීමට  තමා සුදානම් බව අධිකරණයේ ප්‍රකාශ කිරිමෙන් පසු  රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරිමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  අද (26) නියෝග කළේය.

චෝදනා කියැවීමට  නඩුව ජනවාරි 5 වැනි දා  යළි කැඳවීමට  නියමිතය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here