ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය නිමා කරගැනීම සඳහා මේ වන එක්සත් ජාතික පක්ෂය තුලත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලත් මේ වන තීරණාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතී.

එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්‍ය්ඨයින් ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ මතය වී ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් වන අතර, ඔවුන් මේ වන විට වෙනස් විය යුතු අමාත්‍යධූරයන් සම්බන්ධයෙන් සැලසුම් සකස් කරමින් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බවට එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවට තමන් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දුන් බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන භාර අමාත්‍ය සාගල රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ඒ මහතා මෙසේද සඳහන් කර තිබේ.

“නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා. “

ඒ  අතර එජාපයේ අතිබහුතරයකගේ මුලිකම අවධානය යොමුව ඇත්තේ තමන්ට පරාජය අත්කරදීමට බලපෑ අමාත්‍යධුර අනිවාර්යෙන්ම වෙනස් විය යුතු බව අතර, හොරු නොඇල්ලීමේ ප්‍රතිවිපාකය මෙයින් ප්‍රධාන බව ඔවුන්ගේ ඒකමතික මතයක් වී ඇත. ඒ අනුව කොන්දේසි විරහිතව නීතිය හා සාමය අමාත්‍යධුරය වහාම සාගල රත්නායකගෙන් ගලවා, එය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙත පැවරීම සඳහා පූර්ණ එකඟතවය හිමිව ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙය මෙවර පළාත් පාලන මැතිවරණයේ පරාජයට දැඩිව බලපෑ කරුණ වන අතර එය නිසි පරිදි සිදුකළහොත් එළඹෙන පලාත් සභා ඡන්දය අනිවාර්යෙන්ම ජය ගත හැකි වනු ඇති බව එජාපයේ ඒකායන විශ්වාසය බවට පත්ව ඇත.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here