සිංගප්පුරු සමාගමක් විසින් මෙරටට තෙල් ආනයනය කිරීම සඳහා සහන පැකේජයක් හදුන්වාදී ඇති.

ඒ ලෝක වෙළෙඳ පොළේ වර්තමානයේ පවතින මිලට ම කිසිදු පොලී මුදලක් හෝ තෙල් ප්‍රවාහන ගාස්තුවක් හෝ ලබා නොගෙන මෙරටට අවශ්‍ය තෙල් තොග මාස හයකින් මුදල් ගෙවන සේ ණය මුදලට ලබා දීම මේ සහන පැකේජයෙන් යෝජනා කොට ඇත.

ශ්‍රී ලංකා රජයටත් ජනතාවටත් වාසි අත්වන මෙම යෝජනාව අගමැතිවරයාගේ අවධානයට යොමු කොට ඇත. ඒ පිළිබඳව කරුණු සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ගන්නැයි මේ යෝජනාව ඛනි‍ජ තෙල් අංශ ‍බලධාරීන් වෙත යොමු කොට ඇත.

නමුත් සිංගප්පූරුවේ ප්‍රකට සමාගමක් ලෙස ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ මේ යෝජනාව මෙරට ඛනිජ තෙල් ‍අංශයේ පවතින මාෆියාවක් මඟින් ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට හෝ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට පියවර ගනිමින් සිටින තත්ත්වයක් මතුව ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here