ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ පැවති ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟත් අවස්ථා ගණනාවක ගැටුම් ඇතිකරගත් බංගලාදේශ නවක පිතිකරුවකු වන ශබීර් රහමාන්ට එරට දේශීය තරඟාවලිය අතරතුර සිදුවූ සිද්ධියක් නිසා  ජාතික කණ්ඩායම් කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අද තීරණය කර ඇති අතර  මීට අමතරව බංග්ලාදේශ් ටකා ලක්ශ 25ක මුදල් දඩයක්ද, මාස 6ක දේශිය තරඟ තහනමක්ද ඔහුට   පනවා ඇත

බංගලාදේශයේ පසුගියදා පැවති දේශිය තරඟයකදී නරඹන්නෙකු හා ඇතිකරගත් ආරවුලක් සහ තරඟ තීරකවරයා සමඟ සිදු කරන ලද කලහකාරී හැසීරීම මෙම පියවර ගැනීමට හේතුවී ඇති බව බංගලාදේශ ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

මීට පෙරදබංගලාදේශ ප්‍රිමියර් ලීග  තරඟමාලාව තුල ඇතිවූ සිද්දියක්‌  හා සම්බන්ධව සබීර් රෙහ්මාන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත් අතර මේ පිලිබඳව අදහස් දක්වමින්  බංගලාදේශ ක්‍රිකට් කමිටුවේ උප සභාපති ෂෙයික් සොහිල්   ප්‍රකාශ කොට ඇත්තේ මින් පෙර අවස්ථා දෙකකදී ලබා දුන් දඬුවම් තුලින් සබීර් කිසිවක් උගෙන නොමැති බවත් මෙය ඔහුට හිමිවන අවසාන අවස්ථාව වන බවත්‍ ය. මින් ඉදිරියට විනය කඩකිරීමක් සිදු වුවහොත් සදාකාලික තරඟ තහානමකට ලක් වන් ඇති බවටද ඔහු අනතුරු අඟවා තිබුණා.

මේ අකාරයේ දඬුවමක් මින් පෙර කිසිම බංගලාදේශ ක්‍රීඩකයෙකුට පනවා නැති අතර නිරන්තර කලහකාරී සිදුවීම් වලට ගොදුරුවන ශබීර් ශ්‍රී ලංකා තරඟාවලිය තුල විනය විරෝධී හැසිරීමක නිරත වුව හොත් එය ඔහුගේ අවසාන ක්‍රිකට් තරඟාවලිය බවට පත්වීමටද ඉඩ ඇත.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here