ධනසිරි අමරතුංගගෙ ඥාතියකු වූ ටෙහානි ඉමාරා නම් කාන්තාව විසින් ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර R.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති පළමු එක්දින තරඟයේ ” අදාළ නෑ හිටං ” යනුවෙන් ලියු බෝඩ් එකක් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මේ වන විට බොහෝ පිරිසකගේ කතා බහට හා විවේචනයට ලක්වී ඇත.
tehani.JPG
සිරස TV ඔස්සේ කරලියට පැමිණෙන මෙම චරිතය සිරස සුප්ර්ස්ටාස් 7 වන අදියරේ නිවේදිකාවක් හැටියටද කටයුතු කල අතර ඇයට කිසිම නිවේදන සුදුසුකමක් හෝ ජනමාධ්‍ය සුදුසුකමක් නොමැති අවස්ථාවක මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කිරිමට ලබාදීමද ලොකු හැටලුවක්. හේතුව සිරස සුපර්ස්ටාර් යනු ලංකාවේ රියැලිටි වැඩසටහන් වලින් ප්‍රමුඛ වැඩසටහනක් වූ අතර, ශිහාන්, ප්‍රදීප් රංගන ආදී චරිත එලියට පැමිණියේද මෙහි මූලික වැඩසටහන් වලදීය.
hqdefault.jpg
මෙම සිද්ධිය ෆේස්බුක් හරහා විවේචනය වීමට මූලික කාරණය වුයේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නැති බෝඩ් එකක් ප්‍රදර්ශනය කිරීම තුලින් ඈ බලාපොරොත්තු වුයේ කුමක්ද යන්නයි.  ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට ගියේ ක්‍රිකට් ක්‍රීඩාව නිසා බව ඕනෑම කෙනෙකු දන්නා කාරණයකි. ජාත්‍යන්තරයම නරඹන මෙවන් තරඟයක් අතරතුර ” අදාල නැහැ ” යනුවෙන් ප්‍රදර්ශනය කිරීම වක්‍රාකාරව අපේ ක්‍රිකට් ක්‍රීඩාවටද එල්ලවූ ලොකු මඩ පහරකි. මෙවැනි ක්‍රිකට් වලට සම්බන්ධ නැති බෝඩ් මින් පෙර LTTE ය විසින් එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර එංගලන්තය පැවති එක්දින තරඟයක් අතර වාරයේ ප්‍රදර්ශනය කිරීම හා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේ පැවති එක්දින තරඟයක් අතර වාරයේ ප්‍රදර්ශනය කිරීම සිද්ධිය අප කාටත් අමතක නැත.
Cardiff_protest_09_104143_445.jpgunnamed.jpg
 20_06_13_uk_4_104139_445.jpg
මේ සිද්ධියත් සමග ඇයගේ ෆේස්බුක් හා instagram ගිණුම් පරික්ෂා කිරීම තුලින් අපට පෙනී ගියේ ඇය ධනසිරි අමරතුංගගෙ ඥාතියකු වන බව හා පහුගිය ආණ්ඩු සමයේ නාමල් රාජපක්ෂ සමග කිට්ටු සම්බන්දතාවක් පවත්වාගෙන ගිය බවයි. ඊට අමතර විමල් විරවංශ වැනි චරිත සමගද ඈ සබඳතා පවත්වාගෙන ගිය බවට සාක්ෂි ඇත. එයට අදාල පින්තුරද ඇයගේ සමාජ ජාලා ගිණුම් තුල ඕනෑම කෙනෙකුට දැක ගත හැක.

 

sadsadas14111604_10208878581954959_401359587_n
වගකීම් විරහිත විනයක් නොමැති මෙවැනි චරිත සිරස වැනි මාධ්‍ය ආයතනයක් විසින් නාලිකාවේ ප්‍රතිරූපය නැංවීමට සිටින නිවේදක නිවේදිකාවන් අතර මෙවැනි අය ගෙන ඒම නාලිකාවේ පරිහානියටද හේතු වේ. සිරස එදා පටන් සුපර් ස්ටාර් තුලින් පැමිණෙන අසොභන පිරිසට අවස්ථා ලබාදීම මගින් ජේෂ්ඨ කලාකරුවන්ටද අවස්ථා බොහොමයක් ගරු නොකිරීමේ සිද්ධින මින් පෙරද අප ඔබට ගෙන ආවෙමු. මෙයත් එවැනි සංසිද්ධියකි.
Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here