ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඇන්ජලෝ මැතිව්ස් අදහස් පළ කර සිටියා.

එහිදි ඔහු පැවසුවේ නායකයින් මාරු වීම නිසා කණ්ඩායමේ අස්ථාවරත්වයක් ඇතිවී ඇති බවත් ශ්‍රි ලංකා පුහුණුකරු ඇතුළු පිරිස තමන්ට කළ ආරාධනය මේ අවස්ථාවේ පිළිනොගතහොත්  එය ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකු අසාධාරණයක් බවත්ය.

ප‍්‍රථමයෙන්ම මම නායකත්වයෙන් ඉල්ලා අස්වුනේ මම එවෙල හිතුවා අලුත් නායකයෙක් ඔ්න කියලා..ඒ වගේය නායකයකුට අවශ්‍ය කාලය ලබාදෙන්න ඔ්න කියලා හිතුනා.ඒක තමයි මම මාස 04කට පෙර අයින් වුනේ..ඒත් ඉන්දියානු සංචාරයෙන් පස්සේ ගරු සභාපති තුමා,නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහත්මයා සහ තේරීම් කමිටුව මගෙන් ඉල්ලීමක් කලා මේ ගැන ආයෙ හිතල බලන්න කියලා.

මට ටික දවසක් ඔ්න වුනා මේ පිළිබදව කල්පනා කරන්න.මම නායකත්වයෙන් ඉවත් වුනේ ඒක ආයේ එන්න බලාගෙන නෙවෙයි.නමුත් කල්පනා කරන කොට මට හිතුනා අපේ කණ්ඩායමේ අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවය කියලා

මට කි‍්‍රකට් ක‍්‍රීඩාව ගොඩක් දේවල් දීල තියනවා..ඉතින් මම මේ අත්‍යවශ්‍ය මොහොතේදී මම පිට හැරෙව්වොත් මම හිතනවා ක්‍රිකට් වලට සාධාරණය කළේ නැහැ කියලා.

තව මාස 18ක් තියනවා අපි ලෝක කුසලානයක් ක‍්‍රීඩා කරන්න..කණ්ඩායමේ ස්ථාවරත්වය බිද වැටිලා තිබුණා විවිධ හේතූන් හින්දා.නායකයෝ කීප දෙනෙක් මේ කණ්ඩායම රැුගෙන යන්න උත්සාහ කළා.ඔවුන් පුලුවන් හැමදේම කණ්ඩායම වෙනුවෙන් කළා.අපි ඉදිරිය ගැන හිතුවොත් හතුරු අයියා වැඩ කරන හැටි මම දන්නවා..මම ඒ කණ්ඩායමේ සිටින කොට අවුරුදු 11කට 12කට කලින් පුහුණුකරු වෙලා හිටියා.ෂැඩේ කෝච් වෙලා ඉන්නකොට මම නැෂනල් ටීම් එකෙත් හතුරු අයියාගේ යටතේ හිටියා..අපි දෙන්නා එක හා සමානව කල්පනා කරනව මේ කණ්ඩායම වෙනුවෙන්..කණ්ඩායම වෙනුවෙන් අපි අවශ්‍ය දේ කරන්න බලාපොරොත්තු වෙනවා.සමහර අය කැමති වෙයි..සමහර අය අකමැති වෙයි.ඒක අපිට කරන්න දෙයක් නෑ..

මේ අතර එළැඹෙන තුන්කොන් තරගාවලියට සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතයද මෙම මාධ්‍ය හමුවේදී නම් කෙරුණු අතර ඒ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් නම් කර ඇත.

16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට නවක ක්‍රීඩක ශෙහාන් මධුශංකද නම් කර ඇත.කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අසේල ගුණරත්නද සංචිතයට ඇතුළත්වෙයි.

බංග්ලාදේශයේ පැවැත්වන තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම 13 දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

නව එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ හා නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ පළමු තරගාවලිය මෙය වෙයි.

තරඟාවලියේ කාල සටහන..

බංගලාදේශය සහ සිම්බාබ්වේ , ඩකා, ජනවාරි 15

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ , ඩකා, ජනවාරි 17

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව , ඩකා, ජනවාරි 19

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ, ඩකා, ජනවාරි 21

බංගලාදේශය සහ සිම්බාබ්වේ,ඩකා, ජනවාරි 23

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව, ඩකා, ජනවාරි 25

අවසන් තරඟය ඩකා, ජනවාරි 27.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here