හිසකෙස් වියළි වීමෙන් එහි සුන්දරත්වය නැතිවී යනවා. කෙස් අග පැළීම, අධිකව හිසකෙස් ගැලවී යාමටද හේතු වන්නේ හිසකෙස්වල වියළි ස්වභාවයයි. හිසකෙස් වල වියළි බාවය නිසා කොණ්ඩය නිතරම ගැට ගැසෙනවා වගේම පිම්බෙනවා. ඒ නිසා ඔබට කැමති විලාසිතාවක් පවා කරගැනීමට නොහැකි වෙන්න පුළුවන්. හිසකෙස් වල වියළි බාවය දුරු කරගන්න නිවසේදීම හදාගන්න පුළුවන් hair mask එකක් ගැන තමයි මේ කියන්නේ. මේ සඳහා අවශ්‍ය වෙන්නේ ස්වභාවික ද්‍රව්‍ය 3ක් පමණයි.

01. යෝගට් – ප්‍රෝටීන් බහුල මෙයින් ඔබගේ ඔබේ හිසකෙස් ශක්තිමත්ව සහ සෞඛ්ය සම්පන්නව වර්ධනය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම යෝගට් වල අඩංගු වෙලා තියෙන ලැක්ටික් ඇසිඩ් හිස්කබල පිරිසිදු කරනවා වගේම මැරුණු සෛල ඉවත් කර හිසකෙස් වර්ධනයට උපකාරී වෙනවා.

02. මී පැණි – මි පැණි මෘදු කාරකයක් ලෙස ක්‍රියාකරයි. එයින් ඔබේ හිසකෙස් මෘදු කරනවා වගේම හොඳ කන්ඩිෂනර් එකක්. එමෙන්ම මි පැණි වල ඇති ගුණයන් හිසකෙස් වර්ධනයටත්, අවශ්‍ය තෙතමනය ලබාදීමටත්, හිස්කබල පිරිසිදු කිරීමටත් උපකාරී වෙනවා.

03. පොල්තෙල් – පොල්තෙල් ඉතාමත් හොඳ ප්රතිඔක්සිකාරකයක්. එය භාවිත කිරීමෙන් හිස්කබල සෞඛ්ය වැඩි දියුණු කර, ආසාදන හා දිලීර ඉවත් කර, හිසකෙස් වර්ධනය කරන අතර එමගින් හිසකෙස් වලට පිරුණු බවක් මෙන්ම දිස්නයක් ද ලබාදෙයි.

මෙම ස්වභාවික ද්‍රවය භාවිතයෙන් Deep Conditioning Hair Mask එක සාදාගන්නා අයුරු පහතින්…

අවශ්‍ය ද්‍රව්‍ය:

ප්ලේන් යෝගට් (unflavored) මේස හැඳි 2ක්
මි පැණි මේස හැඳි 1ක්
පොල්තෙල් තේ හැඳි 1ක්

* මෙම ද්‍රව්‍ය වල ප්‍රමාණය ඔබගේ හිසකෙස් වල දිග අනුව වෙනස් කරගන්න.

01. යෝගට්, මි පැණි සහ පොල්තෙල් හොඳින් මිශ්‍ර කරගන්න.

02. පසුව එම මිශ්‍රණය හිස්කබලේ සිට කෙස්ගසේ අග දක්වා ආලේප කර හොඳින් මසාජ් කරගන්න.

03. අනතුරුව තුවායකින් හෝ මාසක් එකකින් හිසකෙස් ආවරණය කර එය විනාඩි 20ක් පමණ තබාගන්න.

04. විනාඩි 20න් පසුව ෂැම්පු යොදා හිසකෙස් සෝදාහරින්න. අවශ්‍ය නම් කන්ඩිෂනර් ස්වල්පයක් භාවිතා කරන්න.

ඔබගේ හිසකෙස් වල වියළි බාවය දුරු කර එහි සෞඛ්‍ය සහ වර්ධනය සඳහා මෙම කන්ඩිෂනර් සත්කාරය සතියකට වරක් පමණ සිදුකරන්න.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here