වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් වන දිල්කි විජේරත්න සමගින් අද  තරු කතාබහ දියත් කරන්නට අපි බලාපොරොත්තු වුණෙමු. මේ වසරේ පැවැති “මිස් ශ්‍රී ලංකා” තරගයේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට එක්වීමටද සමත් වූ ඇය මේ වනවිට ගීත රූප රචනා කිහිපයකින්ද ඔබ හමුවට පැමිණෙන්නීය.

නිරූපිකාවක් ලෙස කටයුතු කරන්න පටන් ගෙන කොපමණ කල්ද?

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් ලොකු කාලයක් නෙමෙයි. මම 2014 වසරේ පැවැති “සිරස කුමරිය” තරගයට ඉදිරිපත් වුණා. එහි තෙවැනි තරග වටය දක්වා ආවා. නමුත්, අවසන් තරගවලට එකතු වෙන්න බැරිවුණා. එම තරගයට ඉදිරිපත් වීමත් හරහා නිරූපණ ක්ෂේත්‍රයේ යම් පිරිසක් හඳුන ගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ.

මේ වසරේ තිබුණ “මිස් ශ්‍රී ලංකා” තරගයටත් ඔබ ඉදිරිපත් වුණා නේද?

ඔව්. එම තරගයේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට එන්නට මට හැකි වුණා. මේ තරගයේ best glowing skin මිනි ටයිටල් එක දිනාගත්තේ මම. අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ඇවිල්ලා එවැනි ජයග්‍රහණයක් අත්කර ගන්න ලැබීම ගොඩක් සතුටුයි. “මිස් ශ්‍රී ලංකා” තරගයට ඉදිරිපත් වෙන කොට නම් විශ්වාසයක් තිබුණේ නැහැ මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා. නමුත්, තරගයේ ඉදිරියට යනකොට පොඩි විශ්වාසයක් ඇතිවුණා අවසන් තරගයට එන්න මට අවස්ථාවක් තියෙනවා කියලා.

දිල්කි දැනට කලා නිර්මාණවලට දායක වෙලා තියෙනවාද?

නැහැ. ගොඩක්ම මම කළේ පොටෝ ෂූට්වලට දායක වෙච්ච එක. නමුත්, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ “කාසීවත්ත”ටෙලි නාට්‍යයේ චරිතයකට දායක වුණා. ඊට අමතරව රුවන් හෙට්ටිආරච්චිගේ ගීතයක ගීත රූප රචනාවක මම පෙනී හිටියා.

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තුළ දිල්කිට තැනක් තියෙනවාද?

දන්නේ නැහැ. නමුත්, මම මගේ නම හදාගෙන යනවා. දැනට මම ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පි සමීර වීරසිංහගේ මොඩ්ලින් ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කරනවා. මම මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා මගේ නම නිරූපණ ක්ෂේත්‍රය තුළ හැදෙන්නේ හෙමින්.

රඟපාන්න කැමති නැද්ද?

කැමතියි. “මිස් ශ්‍රී ලංකා” තරගයට සම්බන්ධ වෙලා ඉන්න කොට ගොඩක් අවස්ථාව ලැබුණා. නමුත්, ඒ තරගය නිසා ඒවාට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉදිරියේදී නැවතත් ඒ පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම රංගනයට යොමු වේවි.

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?

කවදාවත් මම නිරූපිකාවක් වෙන්න මම හිතුවේ නැහැ. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම හීන දැක්කේ වෙබ් ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඒ පැත්තෙන් මම දැනටත් හැදෑරීම් කරනවා.

උදව් කළ අය?

නැහැ. මට එහෙම ලොකුවට උදව් කළ පිරිසක් නැහැ. මගේ ගෙදර අය මට උදව් කළා. එතැනින් එහා මම ආවේ මගේම හැකියාවෙන්.

2016-09-27-ent-09 2016-09-27-ent-08

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here