කෝලි කියන්නේ මේ වනකොට ලෝකේ ඉන්න හොඳම පිතිකරුවා කිව්වොත් වැරැද්දක් නෑ.ඕනෑම රටක ඕනෑම පිටියක ශතක පිට ශතක රැස් කරන මේ ලකුණු මැෂිම මේ වෙනකොට දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟාවලියේදීත් පිත්තෙන්  සුපිරි දස්කම් දක්වන්නට සමත් වුණා.

පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණ දෙවන එක්දින තරඟයේදී  වේග පන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට කෝලි ලබාදුන් අපූරු ප්‍රතිචාරයක් ගැන මේ වෙනකොට බොහෝ දෙනා කතාවෙනවා.

මෙහිදී කගීසෝ රබඩා යොමු කළ පන්දුවක් කෝලිගේ බඩේ වැදුණා.පැයට කිලෝමීටර් 142ක වේගයෙන් ආපු මේ පන්දුව වැදුණට පස්සේ කෝලි වේදනාවෙන් ඉන්නවා දැකගන්න ලැබුණා.ඒත් වැඩි වෙලාවක් ගියේ නෑ.රබඩා ඊට පස්සේ ඒ විදියටම එවපු පන්දුව උඩින් හතරේ සීමාවට යවන්න කෝලි සමත් වුණා.

කෝලිගේ පිතිකරණය විතරක් නෙමෙයි ඔහු ක්‍රීඩා පිටියේදී දක්වන පෞර්ෂත්වය, ශාරීරක යොග්‍යතාවය වගේ දේවල් වලින් අනෙක් ක්‍රීඩකයන්ට බොහෝ දෙවල් ඉගෙන ගන්න පුලුවන් කියලයි මේ අවස්ථාව දැකපු බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.

වීඩියෝව පහතින් නරඹන්න.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here