තරුණ ගැබිණි කාන්තාවක් නාන කාමරයක් තුළදී අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් තිබෙන්නේ ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි විවාහක ගැබිණි තරුණියක් බවයි වාර්තා වන්නේ.

ඇයගේ මළසිරුරේ ගෙල ආසන්නයේ තුවාල සලකුණු දෙකක් සහ සීරීම් තුවාල ඇති බවයි පොලිස් පරීක්ෂණ වලදී හෙළිවුණේ.

මියගිය ගැබිණිය තරුණිය මීට මාස තුනකට පෙර තරුණයෙකු විසින් අතවරයට ලක්කර තිබෙනවා.

එම තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එම තරුණිය විවාහ කර ගන්නා බවට පොරොන්දුවක්ද වී ඇති බව සඳහන්.

තරුණයා විසින් වුණු පොරොන්දුව අනුව ඇය විවාහකරගෙන ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස් ඇති අතර ඊට පසුවයි තරුණිය මියගිහින් තිබුණේ.

මේ පිළිබඳව ත්‍රිකුණාමලය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here