අගමැති අපේක්ෂක ලෙස ඝෝටභය රාජපක්ෂ මහතා පෙනී සිටින බවට මේ දිනවල දැඩි කතා බහකට ලක්වෙමින් පවතී. කෙසේවෙතත් මේ පිළිබඳව ශිරන්ති රාජපක්ෂ මහත්මිය විශේෂ හෙළිදරවුවක් කර තිබෙනවා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන් ද යන්න තීරණය කර නොමැති බව ය. මෙම පුවත එජාපය නොමග යැවීමට පල කරනු ලැබූ පුවතක් බවට තොරතුරු වාර්තා වෙයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුරවැසි භාවය ඉවත් කරගැනීම සදහා කිසිදු ඉල්ලීමක් සිදු නොකර තිබෙන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ලොව ප්‍රධාන රාජ්‍යන්හි තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසා සිටී.

වැඩිදුරටත් වාර්තා වන තොරතුරු ගෝඨාභය රාජපක්ෂ විසින් තම පුරවැසිභාවය ඉවත් කරගැනීමට අදාල මූලික ඉල්ලීම් 03 තවමත් සපුරා නොමැති වීම එයට හේතු ව වී තිබේ. එම මූලික ඉල්ලීම් 03 වනුයේ දිවුරුම් ප්‍රකාශයක් ලබා දීම,ඇමෙරිකානු ඩොලර් 2500$ මුදල ගෙවීම සහ අදාල අයදුම්පත පිරවීම ය.කෙසේ වෙතත් තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසා සිටින්නේ එවැනි දෙයක් තමන් වෙත නොලැඹුණු බව ය.මේ අතර පුරවැසිභාවය ඉවත් කරගැනීම සදහා අන්තර්ජාලය හරහා ද ඉල්ලීමක් සිදු කර හැකි අතර එවැනි ඉල්ලීමක් සිදු නොවුණු බව ඔවුන් පවසා තිබේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුනේ ඉහළ දේශපාලන මණ්ඩලයේ අදහස ද වී තිබෙන්නේ සුළු ජාතික ඡන්ද දිනාගත හැකි අපේක්ෂකයෙක්ව ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here