Facebook ආයතනය ලෝකය නිවරදිකීමට අවශ්‍ය තින්දූ තිරණ කිහිපයක්ම නව වසර උදාවීම සමග ගනු ලැබුවා. ෆේස්බුක් අයාතනයේ ප්‍රධාන විධායක නිලධාරි මාක් ශුකයිබර්ග් (Mark Zuckerberg) මහතා පසුගියදා පැවසුවේ “ලෝකයා කාන්සාවෙන් සහ බෙදීමට ලක්වී සිටින බවයි. facebook සමාගමට කිරීමට විශාල වැඩ කොටසක් ඇති බව පැවසිය.”

එමෙන්ම පසුගියදා මාක් ශුකයිබ‍ර්ග් මහතා පැවසූවේ ඔව්න් Newsfeed එක තුල වැඩි වශයෙන් ප්‍රාදේශිය වශයෙන් පුවත් වල ඉඩ ලබාදීමට තීරණය කරන බවයි.එය පරිශීලකයාට තමන් ජීවත් වන ලෝකයේ සිදුවන දේ පිලිබඳ දැනගැනීමට ඉඩ ලබාදෙන බව පැවසීය.

Newsfeed යනු facebook සමාජ ජලයේ පරිශිලකයා භාවිතා කරනා ප්‍රධානම අංගය වේ.facebook හී යම් පුද්ගලයෙකුට පෙන්වන සිදුවීම්, ඡායරුප, පුවත් වැනි දේ කුමක්දැයි තීරණය කරන්නේ ඉතමත් සංකිර්ණ ඇල්ගොරිදම් එකක් මගිනි. මෙය සැම පුද්ගලයාටම විශෙෂිතවේ. මෙමගින් පුද්ගලයාගේ හැසිරීම තෙරුම් ගැනීම සිදුවේ. 2016 ඇමරිකානු මැතිවරණයට ෆේස්බුක් සමාජ ජාලය නිසා සිදූ බලපැමෙන් පසු ඔව්න් දිගින් දිගටම මෙම ඇල්ගොරිදම වාඩා නිවරදි කිරීමට පියවර ගනිමින් සිටි.

ඔබට පෙන්වීමට සුදුසු කුමක්ද බව තීරණය කරන්නේ ඉතමත් සංකිර්ණ ඇල්ගොරිදම් එකක් මගිනි.

එවැනි තත්වයක් තුල facebook සමාගම නවතම පෙට්න් බලපත්‍රයක් ලබාගෙන තිබේ.ඔව්න් මෙම නව පේට්න් බලපත්‍රය ලබාගෙන ඇත්තේ facebook සමාජ ජාලය භාවිත කරනා පරිශිලකයාගේ “සාමාජ-ආර්ථික තත්වය” ස්වරංක්‍රියව තේරුම් ගත හැකි නවතම තාක්ෂණයක් නිමාණය කිරීම සම්භන්ධවයි. මෙමගින් ෆේස්බුඛී සිටිනා පුදගලයන් මූලිකව ප්‍රධාන කොටස් (classes) 3කට බෙදා වෙන්කරයි.

නිකුත් කළ පේටන්ට් බලපත්‍රයට අනුව ෆේස්බුක් ආයතනය පරිශීලකයාගේ අධ්යාපනය, නිවාස හිමිකම සහ අන්තර්ජාල භාවිතය පිළිබඳ රටාවන් පිලිබද තොරතු එකතුකර පුද්ගලික දත්ත ගබඩාව ගොඩනගා ගැනීමත් මෙයට ඇතුළත් වේ. මෙම දර්ශක භාවිතා කරන්නන්ගේ සමාජ-ආර්ථික තත්වය හඳුනා ගැනීමට භාවිතා කරනු ඇති බව ඩේලි මීල් වාර්තා කරයි.

මෙම පේට්න් බලපත්‍රය පසුගිය සිකුරාදා නිකුත් කල අතර ,මෙමගින් ඇල්ගොරිතම සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ඔව්න් පැවසිය මෙමගින් facebook සමාජ ජාලයේ ඉලක්කගත වෙලඳ දැන්වීම් සේවය තවත් දියුනුකිරීමට සහ පරිශීලකයාට වඩාත් අදාළ වෙළඳ දැන්වීම් සැපයීමට බව ප්‍රකාශ කර ඇත.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here