මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කාලසීමාව පරීක්ෂණ වාරය ජූනි 30 දින අවසන් වීමට නියමිත අතර රජය මගින් එය දීර්ඝ කරන කාලසීමාව ගැන තීරණයක් ගෙන නොමැත. මේ පිළිබඳව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගෙන් විමසන ලදුව රජය මගින් මෙම කොට්ඨාසය පිළිබඳ කරන ලද කිසිදු තීරණයක් තමාට ලැබී නොමැති බව පැවැසීය. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙම පොලිස් කොට්ඨාසයේ නිල කාල මෙතෙක් දික් නොකිරීම නිසා එය අත්හිටුවීමට රජය සැලසුම් කරන්නේ දැයි සැකයක් ඇතිවී තිබෙන බව කීවේය.

නියත වශයෙන් තවත් හය මාසයකින් දීර්ඝ කරන අතර එය අත්හිටුවීමට කිසිදු සැලසුමක් නැතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කල අතර මේ විමර්ශන කොට්ඨාසය අඛණ්ඩව පවත්වාගෙන යාමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇති නිසා එම කොට්ඨාසයේ විමර්ශන කිසිදු බාධාවකින් තොරව කෙරෙනු ඇතැයිද කීවේය.

2015 පෙබරවාරි 26 වැනිදා පිහිට වූ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහා පරිමාණ මූල්‍ය වංචා, දූෂණ, මහා පරිමාණ ගැටලුකාරි ව්‍යාපෘති, පොදු දේපළ පිළිබඳ මූල්‍ය අපරාධ, නීති විරෝධී මූල්‍ය ගනුදෙනු, ජාතික ආරක්ෂාවට ප්‍රශ්නකාරී වන මූල්‍ය වංචාවන් විමර්ශනය අරමුණු කොට මෙම ආයතනය පිහිටුවා ගත්තේය.

Share this:

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here