නාවල පාර, පල්ලිය පටුමග ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කඩු ඇතුළු තියුණු ආයුධ කිහිපයක් ළග තබාගෙන සිටි ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්තී‍්‍ර එච්. එම්. අලි උස්මාන් සහ ඔහුගේ සහෝදරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී කඩු 3 ක් සහ මන්නා පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් සොයාගෙන ඇති අතර සැකකාර නාගරික මන්ති‍්‍රවරයාගේ ව්‍යාපාරික සොහොයුරාගේ නිවසේ තිබී මෙම අවිආයුධ සොයා ගෙන තිබුණා. එසේම ඔවුන් දෙදෙනා අන්තවාදී ජාතික තව්හිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින් බවටද මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here