දෙමටගොඩ ප්‍රදේශයේ පුපුරවගැනීම් පිළිබඳව  කළ විමර්ශන අනුව පිටකොටුවේ ඇය කුළු බඩු ව්‍යාපාරිකයාගේ එක් පුතෙකුවූ මොහමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ බිරියවූ ෆාතිමා ඉල්හාම් බවට අනර්ජනය විය. සැමියා ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරවීමටත් සැමියාගේ අයියා සිනමන් ග්‍රෑන්ඩ් පිපිරවීමටත් සම්බන්ධ වෙද්දී ඇය ඇතුළු පිරිස දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ නිවසේ සිටියහ.

අලව්දීන් ජුවලර්ස්’’ නමැති රන්බඩු ආයතනය පවත්වාගෙන යන අලව්දීන්ගේ දුව ඇය බවට කරුණු වාර්තාවී තිබේ.අලව්දීන්, බදුර්දීන් අමාත්‍යවරයාගේ මවගේ සොහොයුරකු වන අතර ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික බවද වාර්තා වේ.

සිංගප්පූරුවේ, මැලේසියාවේ මෙන්ම මන්නාරමේ නිවාස දෙකක්ද ඔහුට හිමි බව පැවසෙයි.

මරාගෙන මැරෙන ප්‍රහාරයට පෙර සහරාන් සමග කළු හැඳගත් පිරිස දිවුරුම් දෙමින් එකට සිට ලබාගත් වීඩියෝවේ එක් අවස්ථාවක පසුපසට වෙන්නට සිරුර සඟවාගෙන සිටින්නේත් පසුව අත් එකට තබා දිවුරුම් දෙන අවස්ථාවේ බ්‍රේස්ලට් එකක් පැළඳගෙන උඩින්ම අත තබාගෙන සිටින්නේ ද ඇය ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here