පොලිස්පති පූජිත ජයසුන්දර ලබන සතියේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි මුද්‍රිත මාධ්‍ය වාර්තා සඳහන් කරයි. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ද ලක්වූ අතර ඔහුට ඉල්ලා අස් වීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැනුම් දි තිබු බවටද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළවිය.

පොලිසියේ ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ ප්‍රධානියෙක් විසින් සිදු කිරීමට ගියා යැයි පැවසෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනපති මෛත්‍රිපාල සිරිසේන ඝාතන උත්සාහයක් පිළිබදවද චෝදනා එල්ල වී පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් එම පුප්පාඩුවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන එස් එම් වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්න යන දෙදෙනාගෙන් කෙනෙකු පත් කිරීමට නියමිත බවද මුද්‍රිත මාධ්‍ය වාර්තා පළකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here