මෙරට ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක් වන මුහුණු ආවරණය වන ඇඳුම් තහනම් කිරීම පිළිබඳ දැඩි කතාබහක් පසුගිය දිනවල ඇති වුනා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ පසු එම මෙරටින් එවැනි ඇඳුම් තහනම් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් මෙරට සමාජය තුලින්ම ඇති වුනා.

ඉන්පසුව බුර්කාව ඇතුලු සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන ඇඳුම් මෙරටින් තහනම් කිරීමේ නීතියක් පසුගියදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය බලතල භාවිතා කරමින් පැනවූවා.

ශ්‍රී ලංකා රජයේ එම තීරණය ජාත්‍යන්තර මාධ්‍ය මගින් වාර්තා කළ පසු විදෙස් සමාජජාලා පරිශීලකයන් ශ්‍රී ලංකා රජයේ එම තීරණය දැඩි ලෙස ප්‍රශංසා කරමින් අදහස් දක්වා තිබුනා. ඔවුන් පවසා තිබුනේ ලොවම ගත යුතු තීරණයකට ශ්‍රී ලංකාව මුල් පියවර තැබූ බවත් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි සිය රටවල් ශ්‍රී ලංකාවේ නිර්භීත තීරණය අනුගමනය කළ යුතු බවයි.

හැමෝටම දැනගන්න share කරන්න…

එවන් අදහස් කිහිපයක් පහතින්,

හැමෝටම දැනගන්න share කරන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here